Mar
28
ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයට තරග වැදීම අහිමි වෙයි ද?
ශ්‍රී ලංකා කණ්ඩායම මතක ඇති ඉතිහාසයේ දරුණුතම ව්‍යසනයකට මුහුණ පා සිටින බව පැවසීම අතිශයෝක්තියක් නොවන බව ක්‍රිකට් ලෝලීන් අකමැත්තෙන් වුව ද පිළිගනු ඇත.
මෙම විග්‍රහය එක් තරගයක් දෙකක් විමසීමෙන් කරන ලද්දක් නොවන අතර කාලයක සිට ශ්‍රී ලංකා කණ්ඩායම එක් ක්‍රීඩකයෙකු හෝ දෙදෙනෙකු දක්වන දක්ෂතා මත ඉඳහිට ජය ගන්නා කණ්ඩායමක් බවට පත්ව තිබේ.
බැලූ බැල්මට මහේල, සංගක්කාර, ඩිල්ෂාන් සමුගැනීමෙන් පසුව මෙම තත්ත්වයට පත්වූ බවට තර්ක නැගෙතත් මෙම කඩා වැටීම ආරම්භ වූයේ, ඔවුන් කණ්ඩායමේ සිටියදී ම ය
අර්ජුණ රණතුංග නායකත්වය දරන සමයේ මහේලලාට, සංගක්කාරලාට නිර්මාණය වීමට පරිසරයක් තිබිණි.
එහෙත්, මහේල – සංගා එවන් අනාගතයක් නිර්මාණය කිරීමට දායක වූයේ නැත. එය දේශපාලන බලපෑමක් ද වෙනත් හේතුවක් ද යනුවෙන් විග්‍රහ කිරීමට අපි සූදානම් නොවෙමු.
කෙසේ වෙතත්, මෑත අතීතයේ අසන්නට නොලැබුණු කනගාටුදායක පුවතක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෙළි කළේය.
ඒ, මේ දිනවල බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට නොහැකි වුවහොත් නිරුත්සාහකව (සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයකින් තොරව) 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව හිමි නොවන බව කියවෙන පුවතයි.
එ් අනුව, මෙම තරගාවලිය 3-0ක් හෝ 2-1ක් ලෙස ජය නොගතහොත් නිරුත්සාහකව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් හිමි නොවනු ඇත.
ශ්‍රී ලංකාවට සහ බංලග්ලාදේශයට නිරුත්සාහකව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට ඇති අවස්ථා පහත දැක්වේ. (පළමු එක්දින තරගයට පෙර පැවති එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව)
ශ්‍රී ලංකාව 3-0ක් ලෙස ජයගතහොත්: Sri Lanka 100, Bangladesh 88
ශ්‍රී ලංකාව 2-1ක් ලෙස ජයගතහොත්: Sri Lanka 99, Bangladesh 91
බංග්ලාදේශය 3-0ක් ලෙස ජයගතහොත්: Bangladesh 96, Sri Lanka 96
බංග්ලාදේශය 2-1ක් ලෙස ජයගතහොත්: Bangladesh 93, Sri Lanka 97
මේ වන විට බංග්ලාදේශය සමග පැවති පළමු තරගයෙන් පරාජය ලබා සිටින ශ්‍රී ලංකාව ඉදිරි තරග දෙක ම ජය ගැනීම අනිවාර්ය වී තිබේ.
පළමු තරගයට පෙර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 98ක් ලබා 6 වන ස්ථානයේ පසුවූ අතර බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 91ක් සමගින් 7 වන ස්ථානයේ රැඳී සිටියේය.
පකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් පසුවන්නේ, ඊටත් පසුපසිනි.
මුලාශ්‍ර - newsfirst.lk