Feb
21
පේරාදෙණියෙන් නවක සිසුන්ගේ රෙදි ගලවා ලිංගික ඉරියවු රගපාවයි
විශ්වවිද්‍යාල භූමියෙන් පිටත කුලී පදනම මත ගත් නිවසකදී කලක සිට සිසුන්ට අමානුෂික ලෙස නවකවදය ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කළ පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි වසර සිසුන් පහළොස් දෙනා (15) මාර්තු 2 දා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැඩබලන මහෙස්‌ත්‍රාත් සහ අතිරේක මහෙස්‌ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය නියෝග කළාය.
මෙම සිසුන්ට එරෙහිව චෝදනා ගොනු කොට ඇත්තේ 1998 අංක 20 දරන නවක වද පනතේ අංක 2, 2-ෂෂ 3 සහ 6 වගන්ති යටතේ බැවින්, විත්තිකරුවන්ට ඇප ලබාදීමේ බලයක් තම අධිකරණයට නොමැති බව මහෙස්‌ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.
දරුණු ලෙස වධහිංසා පමුණුවමින් සිසුන් නිරුවත් කොට බිය වැද්දවූ බවට චෝදනා ලැබ රක්‍ෂිත බන්ධනාගාර ගත කළ සිසුන් වූයේ චතුර ලසන්ත, දර්ශන ගුණවර්ධන, රාජිත බස්‌නායක, නිරෝෂන් රාජපක්‍ෂ, කොඩිතුවක්‌කුලාගේ මිහිරංග, සේගු තයිදු, ප්‍රිය කැලුම් ජයතිස්‌ස, සසින්ද වේදපිටිය, සංජීව සෙනෙවිරත්න, පුබුදු අල්විස්, ධනංජය කනිෂ්ක බණ්‌ඩාර, කවිෂ්ක ලක්‍ෂ්මන් උමේෂ් එරංග කුමාර, හර්ෂණ සහ සුරේෂ් විඡේසිරි යන කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර සිසුන්ය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා වන ආචාර්ය ගාමිණී හිටිනායක මහතාට ලැබුණු තොරතුරක් මත ඔහු සමග කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති ආචාර්ය ඩී. කේ. එන්. ජී. පුෂ්පකුමාර මහතා සහ ආරක්‍ෂක අංශ නිලධාරීන් පෙරේදා (19 දා) රාත්‍රි 11.00 ට පමණ එම ස්‌ථානයට ගොස් ඇත. එම අවස්‌ථාවේ නවකවදය ලබාදෙන අන්දම සහ නවක සිසුන් නිරුවත් කරන අන්දම රහසේ වීඩියෝ ගත කොට විත්තිකාර සිසුන් සිය භාරයට ගත් ආචාර්යවරුන් පේරාදෙණිය පොලිස් ස්‌ථානය වෙත සිද්ධිය දැනුම්දුන් බව පේරාදෙණිය පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කමල් ආරියවංශ මහතා අධිකරණය හමුවේ කරුණු දක්‌වමින් කීය.
නවක වදයට බඳුන් වූ සිසුන් අටදෙනා දුරකථන ඔස්‌සේ සම්බන්ධ කර ගනිමින් ගලහ මංසන්ධිය වෙත ගෙන්වා යතුරුපැදිවලින් අදාළ ස්‌ථානය වෙත කැඳවාගෙන ගොස් ඇති බවද, එම නිවස තුළදී නවක සිසුන් අටදෙනා නිරුවත් කොට විවිධ ඉරියව් ආකාරයෙන් ව්‍යායාම්වල නිරත වන ලෙසද ලිංගික හෝමෝන උත්තේජක ඇති කරන ක්‍රියාවල නිරතවන අයුරින් විවිධ ක්‍රියාකාරකම් සිදුකරන ලෙසට පවසා ඇතැයි වධබන්ධනයට ලක්‌වූ සිසුන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බවද පොලිස් ස්‌ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පැවැසීය.
විත්තිකරුවන් පහළොස් දෙනා වෙනුවෙන් පෙනී සිටි දිමුතු වීරසේකර සහ සුපුන් රත්නායක යන නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට සාධාරණීකරණය කරන ලෙස ඉල්ලා නොසිටින්නේ සිද්ධියේ ඇති බරපතළකම සලකා බැලිය යුතු නිසා බවයි. යම් හෙයකින් ඇප ලබාදිය හැකි තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබඳ සලකා බැලීමට කටයුතු කරන්නේ නම් මැනවැයිද ඔවුහු කියා සිටියහ.
සියලු කරුණු සලකා බැලූ වැඩබලන මහෙස්‌ත්‍රාත් හා අතිරේක මහෙස්‌ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය සිසුන් රක්‍ෂිත බන්ධනාගාර ගත කළාය.
– දිවයින