Jan
17
කොකා කෝලා නිෂ්පාදන මධ්‍යස්ථානය ලංකාවට
ශ්‍රී ලංකාව කොකා කෝලා සමාගමේ නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට සූදානම් බව එහි ආසියා පැසිෆික් කලාපීය ප්‍රධානීහු ප්‍රකාශ කර තිබෙනවා.
මෙම කරුණු අනාවරණ කර ඇත්තේ කොකා කෝලා සමාගමේ ආසියා පැසිෆික් කලාපීය සමූහ ව්‍යාපාරයේ සභාපති ජෝන් මර්ෆි සහ විධායක උප සභාපති අයිරියල් ෆිනන් යන මහත්වරුන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාව මුදල් අමාත්‍යාංශයේ දී හමුවු අවස්ථාවේදිය.
ශ්‍රී ලංකාවේ පවතින ස්වභාවික ජල සම්පත් හා තේ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රයෝජනයට ගනිමින් කොකා කෝලා නිෂ්පාදන කම්හල් මෙරට ඇති කර, ඒවා ප්‍රති අපනයනයට ඇති ඉඩ ප්‍රස්ථා සම්බන්ධයෙන් ද ඔවුහු අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සාකච්ඡා කළා. සිය නිෂ්පාදන සඳහා විශාල වෙළෙඳ පොළක් ඉන්දියාව තුළ ඇති බැවින් ශ්‍රී ලංකාව නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම කොකාකෝලා සමාගමේ නියෝජිතයන්ගේ යෝජනාව වී තිබෙනවා. මෙ මගින් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය මෙන්ම රැකියා අවස්ථා උදාකර ගත හැකි බව ඔවුහු පෙන්වා දෙන්නේ
විදේශ ආයෝජන සඳහා වූ බදු අනුපාත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්‍රියාකරණ ආකාරය පිළිබඳ උනන්දුවක් දක්වන එම සමාගම් ප්‍රධානීහු ශ්‍රී ලංකා රජය දැනට විදේශ ආයෝජකයන් සම්බන්ධයෙන් පවත්වාගෙන යන මිත්‍රශීලී සබඳතාව ඇගයීමට ද ලක් කර තිබෙනවා.