Dec 18

සයිට්‌වල වීව්ස්‌ වැඩි කරගන්න අපිව පාවිච්චි කරනවා

රිතූ ඇයි මේ වැඩිය

පේන්න නැත්තේ ?

පේන්න නැත්තේ නැහැනේ. නාට්‍ය දෙකක්‌ විකාශනය වුණා.

ඒ මොනවාද?

මගේ ආදරයේ අවනඩුව, ආදරය සුවඳ අරන් තවම විකාශනය වෙනවා.


පසුගිය දවස්‌වල වැඩිපුර නාට්‍ය භාරගත්තේ නැහැ කියලත් ආරංචියි ?

කරපු නාට්‍ය දෙකක්‌ විකාශනය වෙනවා කිව්වා. ඒකයි භාරගත්තේ නැත්තේ. අනික මම සාමාන්‍යයෙන් වැඩ ගොඩ ගහගන්න චරිතයක්‌ නෙමෙයි.

අලුත් අවුරුද්ද සුභයි ?

ජනක චමින්ද අත්තනායකගේ සහ ලක්‍ෂමන් පුෂ්පකුමාරගේ නාට්‍ය දෙක විකාශන වෙන්න තියෙනවා.

ගෙවන ජීවිතය සුන්දරයි කියලා හිතනවාද?

එක එක දවසට එක එක නළු නිළියන් එක්‌ක විවිධ චරිත රඟපාන්න ලැබෙනවා. ඒ හින්දා ඒකාකාරී නැහැ.

පසුගිය දවස්‌වල වැඩිපුර මාධ්‍ය ඉදිරියට ආවේ නැත්තේ මොකද?

පත්තරවලට ඉන්ටර්වීව් දෙන එක නතර කළා.

ඇයි ඒ ?

පත්තරවල ගිය ඉන්ටර්වීව් වෙබ් සයිට්‌වලට දානවා.

ඒකට කැමති නැතිද?

පත්තරයක්‌ අරගෙන අපේ ආර්ටිකල් කියවන්නේ අපිට ආදරය කරන මිනිස්‌සු. ඒවාගේ හෙඩ්ලයින් එකක්‌ දාලා අරගෙන වෙබ් සයිට්‌වලට දැම්මහම ඒවා කියවපු මිනිස්‌සු බැනලා කමෙන්ඩ් දානවා.

රිතූ ඒවාට කැමැති නැහැ ?

ඔය දාන කමෙන්ට්‌වලින් ගොසිප් හැදෙනවා. ගොසිප්වලින් ටිකක්‌ ඈත්වෙලා ඉන්න ඕනෑ කියලා හිතුණා.

ඒකද පත්තරවලට ආටිකල් නොදී ඉන්න හදන්නේ?

ගොසිප් කතා හින්දා නිකං කටකතා හැදෙනවා. ඒවා ඉතිං ප්‍රශ්න වෙනවානේ.

ඒ හින්දා මාධ්‍ය ඉදිරියට එන්නේ නැහැ. එහෙමද?

ලොකු විශේෂයක්‌ නැහැ. රිතූ ආකර්ෂාගේ ආටිකල් ගොසිප් සයිට්‌වල යනවාට කැමැති නැහැ. මම හිතන්නේ ඒවා ව්‍යාජ ගිණුම් කියලා. අනික ඒවා දැක්‌කහම දුක හිතෙනවා. අපි මෙච්චර දෙයක්‌ කරලා ඇයි මේ වගේ කතා අහන්නේ කියලා හිතෙනවා.

වෙබ් අඩවි රිතූට මඩ ගහනවාද?

නැහැ. වෙබ් අඩවි මඩගහන්නේ නැහැ. ඔවුන් අපේ ආටිකල් දානඑක විතරයි කරන්නේ.

එහෙනම් මොකක්‌ද ප්‍රශ්නය ?

වෙබ් අඩවි භාවිතා කරනවා ඕනේ නැති මිනිස්‌සු. අපි එදිනෙදා කරන දේවල් තමයි පත්තරවල යන්නේ. ඒවා වෙබ් අඩවිවල ගියහම ඒවාට මිනිස්‌සු බොරු කමෙන්ට්‌ දානවා. ඒවාට මම එච්චර කැමැති නැහැ. ඔවුන් හිතනවා අපි ජනප්‍රිය වෙන්න ගොසිප් හදාගන්නවා කියලා.

රිතූ වෙබ් සයිට්‌වලින් ජනප්‍රිය වෙන්න කැමැති නැහැ ?

මට ගොසිප්වලින් ජනප්‍රිය වෙන්න වුවමනාවක්‌ නැහැ. මං කරන ටෙලිනාට්‍ය එක්‌ක පාරේදී ලැබෙන ප්‍රතිචාර එක්‌ක අමුතුවෙන් ජනප්‍රිය වෙන්න වුවමනාවක්‌ නැහැ. මට මිනිස්‌සු ආදරෙයි කියලා මම දන්නවා.

නිළියන්ට වෙබ් අඩවි හිසරදයක්‌ද?

ගොසිප් සයිට්‌ ගණන් ගන්නෙ නැතිව හිටියා නම් ප්‍රශ්නයක්‌ නැහැනේ. සමහරක්‌ අය ඒවා පාවිච්චි කරන විදිහයි වැරදි. නිළියක්‌ වුණාට අපිත් මනුස්‌සයෙක්‌ කියලා සමහරුන්ට අමතක වෙනවා.

රිතූට පසුගිය කාලයේ ආපු ප්‍රශ්න දැන් ඉවරද?

මොන ප්‍රශ්නද?

අනතුරක්‌ ගිය දුරක්‌ කියලා හිතෙන්නේ නැතිද?

මමත් මනුස්‌සයෙක්‌. දවසකට රිය අනතුරු කීයක්‌ වෙනවාද?. මගේ අතින් අනතුරක්‌ වුණා. ඒ වැරැද්දට දඬුවම් වින්දා. ඒකින් තමයි මම තීරණය කළේ පත්තරවලට උත්තර නොදි හිටියා නම් හොඳයි කියලා.

ඉස්‌සර වගේ මාධ්‍යයත් එක්‌ක කතා කරන්න සූදානම් නැහැ ?

මොකක්‌ හර ප්‍රශ්නයක්‌ වුණහම උත්තර දෙනවා. මොනවා වුණත් හැමදේටම හොඳම දේ තමයි නිශ්ශබ්දව සිටීම.

මාධ්‍යයත් එක්‌ක ඇයි ඔය තරම් තරහ?

මාධ්‍යයත් එක්‌ක තරහක්‌ නැහැ. මාධ්‍ය නිසයි අපි මෙතැන ඉන්නේ. මාධ්‍ය එක්‌ක අපි ගනුදෙනු කළ යුතුයි. ගොසිප් සයිට්‌ එක්‌ක තමයි මට ගැටලුව තියෙන්නේ.

මොනවාද තියෙන ගැටලු ?

ගොසිප් සයිට්‌වල වීව්ස්‌ වැඩි කරගන්න අපිව පාවිච්චි කරනවා. මම ඒකට කැමැති නැහැ. නමුත් පත්තරයකින් කවදාකවත් එහෙම කරන්නේ නැහැ. පත්තරයක්‌ කියන්නේ කලාවට සම්බන්ධ දෙයක්‌. නමුත් පත්තරවල ගිය දේවල් වෙබ් අඩවි බොරු හෙඩ්ලයින් දාලා ප කරනවා. මම දන්නවා දැන් මේ කතාබහේදීත් වෙබ් අඩවි රිතූ වෙබ් අඩවිවලට විරුද්ධයි කියලා ලොකු හෙඩින් හදලා දායි. මිනිස්‌සු ඒවාට ලයික්‌ කරයි. හැබැයි හොඳ ගොසිප් සයිට්‌ කීපයක්‌ තියෙනවා.

රිතූ පෙම්වතියක්‌ කියලා ආරංචියි ?

මම දන්න තරමින් පෙම්වතියක්‌ නෙමෙයි.

මුහුණුපොතේ, අන්තර්ජාලයේ, වයිබර්වල තරුණයෙක්‌ එක්‌ක ඉන්න පින්තූරයක්‌ පළකරලා තියෙන්නේ ?

එක තරුණයක්‌ එක්‌ක නෙමෙයි, මගේ පිරිමි යාළුවෝ එක්‌ක ඉන්න පින්තූර පළකරනවා. මිනිස්‌සු කොහොම භාරගන්නවාද දන්නේ නැහැ.

පෙම්වතා නෙමෙයි කියලා ඇත්තමද කියන්නේ ?

රිතූ කියන්නේ මම. මම දන්න තරමින් පෙම්වතියක්‌ නෙමෙයි. යාළුවෙක්‌ එක්‌ක එළියට ගිය පළියට, පින්තූරයක්‌ දාපු පළියට පෙම්වතෙක්‌ ඉන්නවා කියලා කියන්න බැහැනේ. ඕක තමයි අපේ සමාජයේ හැටි.

දිනේෂ් විතාන
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.