Dec 19

රෙඩ් ව පරද්දපු මරතොන්ඩි ප්‍රසාද්ගෙන් තවත් අලුත් සෙල්ලමක්

"මන්දාකිණියේ" කැලැසිකල් අහන්න කැමති අයට...

නත්තල් දාට රසිකයන්ට දෙන සිංදු තෑග්ග විදියට "තල්ගස් අරණේ " ගීතය එනවා

ලංකාවේ සංගීත ක්ෂේත්‍රය දවසින් දවස වෙනස් වෙනවා.එහෙම වෙන්නෙ අලුත් අය අලුත් විදියට සංගීතයට බහින හින්දමනෙ.මරතොන්ඩි ප්‍රසාද් කිව්වහම එකපාරට මතකයට එන සිංදුව එක්ක ආපු ඔහු ප්‍රසාද් අබේකෝන්.ප්‍රසාද්ගේ අලුත්ම වැඩේ පත්තුවෙන්න ඔන්න.මෙන්න තියලා.  අපි ඔහු එක්ක කතා කලා.

*ප්‍රසාද් මරතොන්ඩියත් එක්ක සද්ද බද්ද නැතිවුනා නේද

    නෑ.මරතොන්ඩි ගීතය තවමත් රසිකයො අතර තියෙන හින්දා ඒ දවස්වල නම් මම අලුත් සිංදුවක් හදන හදිස්සියක හිටියෙ නෑ.ඒත් ලගදිම ඒ වැඩෙත් සිද්ධවෙනවා.

*මරතොන්ඩි වලට කලින් කරපු ගීත දෙකම හිට් වුනේ නැද්ද?

    මෙහෙමයි.මම මුලින් කරපු  කැලුම් ශ්‍රීමාල් ලියපු සේපාලිකා   වගේම හේමන්තයේ  ගීත දෙකම කැලැසිකල් සිංදු.ඒවගේ බීට් එක ස්ලෝ.හැබැයි මරතොන්ඩි සිංදුව හැදුවෙ සික්සයිට් ක්‍රමයට .ඒ ගීතය ලීවෙ මම සංගීතය ඩිල්ෂාන් ගෙ.ඉතින් ගීතය ගොඩක් අය අතරට ගියා.අන්තිමේදී මට නමකුත් වැටුනා.

*ගීතය හින්දා ප්‍රසාද්ට වැටුනු නම    මොකක්ද ?

     ගොඩක් අය මග තොටේදී මාව දැක්කහම මරතොන්ඩි ප්‍රසාද් කියනවා.මං හිතනව විදියට මගේ සිංදුව රසිකයන්ට ගොඩක් දැනෙන්න ඇති

*එහෙම දැනෙන විදියට ගීත කියන්න ගත්තෙ කොයි කාලෙදිද

    මුල් කාලෙ ඉදන්ම දැනෙන දෙයක් කරන්න මහන්සි ගත්තා.සෞදි රටේ රස්සාව කරන ගමන් ලංකාවට නිවාඩුවට එන කාල වලදියි ගීත එලියට දැම්මෙ.

*කාලයක් හිට් වුනු රෙඩ්ගෙ රාජ මාලිගේ පල්ලම් බැස්සෙ මරතොන්ඩි ගීතය හින්දා කියන්නෙ ඇත්තද?

   මම එහෙම කාවවත් පල්ලෙහට දාන්න හිතාගෙන සිංදු කලේ නෑ.මේ ගීත ය තියෙන්නෙ දෙදෙනෙකුගේ ආදර කතාවක්.ජාතීන් දෙකක ගැහැනු ලමයෙක්.පිරිමි ලමයෙක්ගෙ සාම්ප්‍රදායික ආදර කතාවකට වඩා දෙයක් ගීතයේ තියෙනවා.

*දැන් අලුතින්ම රසිකයන්ට දෙන නත්තල් තෑගි ගැනත් කියමු නේද
 
මේ පාර මගේ රසිකයො හැමෝටම ගීත දෙකක් දෙන්න සූදානම් කරලා තියෙනවා." මන්දාකිණි" කැලැසිකල් ගීතයක්.අනික් ගීතය වුනු තල්ගස් අරණේ සික්සයිට් බීට් එකට හදපු එකක්.තල් ගස් අරණේ නත්තල් දවසේ රිලීස් වෙනවා.

   
 * අනිත් අය වගේ පරණ සිංදු නොකර තමන්ගෙ ම ගමනක් යන්නෙ ඇයි

මම කැමති මේ විදියට අලුත් වැඩ කරන්න.එතකොට කාගෙන්වත් ප්‍රශ්නයක් නෑ.මියුසික් වීඩියො වලදි වගේම අලුතින් ෆීල්ඩ් එකට එන හැමෝටම උදව් කරන්න මං උත්සහ කරනවා.

* තල්ගස් අරණේ "ගීතයත් මරතොන්ඩි ගීතය වගේ ලොකු කතාවක් ලස්සනට කියන එකක් වෙයිද

ඒ ගැන අපි රසිකයක්ට කුතුහලයක් ඉතිරි කරමු.හරියටම නත්තල් දවසෙ ඒ ගීතය හැමෝටම අහන්න දකින්න ලබා දෙනවා.

(දුරකථන - 0712441634)

 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.