Dec
25
මම හිතාගෙන හිටියේ ඇත්තටම අපි ඉල්ලන තෑගි දෙන්නේ නත්තල් සීයා කියලා
මම හිතාගෙන හිටියේ ඇත්තටම අපි ඉල්ලන
තෑගි දෙන්නේ නත්තල් සීයා කියලා
ශනුද්රි කොහොමද නත්තලට සූදානම?
හ්ම්. හැමදාම වගේ ඉතින් ගෙදර අස් කරන්න සැරසිලි කරන්න අම්මාට උදව් වුණා. ඉස්සර නම් අක්කලා දෙන්නයි මායි තමා ගොඩක්ම මේ දේවල් කරන්නේ. දැන් ඉතින් එයාලා ගෙදර ඉන්න වෙලාවක් වත් නැති නිසා, මමයි අම්මයි තමා ඒ දේවල් කළේ. ඊට අමතරව ඉතින් කෑම හදනවා පල්ලි යනවා.
එතකොට නත්තල් ගහ?
ඒක අපි මාසේ පටන් ගත්ත මුලම හැදුවා.
නත්තල් කේක්?
නත්තල් කේක් නම් හදන්නේ අම්මා. මොකද මට තාම නත්තල් කේක් හදන්න නම් බැහැ. හැබැයි මට මේ සැරේ අනිත් ඔක්කොම කෑම ටික හදන්න කියලා භාර දුන්නා.
ඒ කෑම වර්ග හොඳට හදන්න පුළුවන් ද ?
ඔව්. ඒවා මම පහුගිය සතියේත් හදලා බැලූවා. මොකද මම ඒ කෑම හදන්නේ නත්තල් දවසට කලින් දවසේ සහ එදා උදේම නිසා කලින් කිහිප සැරයක් හදලා බැලූවා. නැත්නම් අනිත් අයට ඒවා දෙන්න බැහැනේ.
කොහොමද ඒවාට ලැබුණු ප්රතිචාර?
හොඳයි රසට තියෙනවා. බය නැතුව කෙනෙක්ට කන්න දෙන්න පුළුවන්.
එතකොට තාමත් අම්මා නත්තලට ගවුම් මහලා දෙනවද ?
අපෝ ඔව්. ඒවා අපිට කලින්ම අම්මා මහලා දුන්නා. කොහොමත් හැම අවුරුද්දකම නත්තල් ඇඳුම් ටික වගේම ගෙදර සැරසිලි ටික මහන්නේ අම්මා අතින් තමා. අපිට ඕනේ විදිය අපි කලින්ම කියලා තියෙනවා. අම්මා ඉතින් ලස්සනට මහලා දෙනවා තුන්දෙනාටම.
මේ සැරේ පොඩි අක්කා ඉන්නවද ?
ඔව්. මේ දවස්වල එයා ලංකාවට ඇවිත් ඉන්නේ.
කොහොමද පොඩි කාලේ නත්තල් සැමරූ හැටි මතක් කළොත්?
හරිම සුන්දරයි, අපි තුන්දෙනාම බලන් ඉන්නේ දෙසැම්බර් මාසේ එනකම් ඒ තරම් සතුටක් නැහැ වෙන අපිට. ඉතින් අපි එකතුවෙලා නත්තල් ගහ හදනවා සැරසිලි කරනවා. ඒ වගේම තමා අපි නත්තලට ඉස්සර බණ්ඩාරවෙල යනවා. මොකද අපේ අම්මගේ ගම බණ්ඩාරවෙල නිසා. හරිම සුන්දරයි ඒ කාලය මතක් වෙද්දීත්. දැන් ඉතින් එහෙ ආච්චිලා සීයලා නැති නිසා යන්නේ නැහැ.
තුන්දෙනාම එකතු වුණාම කොහොමද?
ඇත්තටම පුංචි කාලේ තමා ගොඩක් සුන්දර. ඊට පස්සේ ඉතින් අපි ටිකක් ලොකු වුණාට පස්සේ අපි තුන්දෙනාම ෂොපින් යනවා. දැන්නම් එයාලා කාර්යබහුල නිසා තුන්දෙනාටම ෂොපින් යන්න ලැඛෙන වෙලාව අඩුයි. ඒත් පුළුවන් වුණු ගමන් ෂොපින් යනවා.
පොඩි කාලේ නත්තල් සීයා ගැන මතකය කොහොමද?
ඇත්තටම මම හිතාගෙන හිටියේ ඇත්තටම අපි ඉල්ලන තෑගි දෙන්නේ නත්තල් සීයා කියලා. මොකද මම පොඩි කාලේ තාත්තා මට ක්කක එකක් අරන් දෙනවා ඔන්න දැන් නත්තල් සීයා අහගෙන ඉන්නේ ඔයාට ඕනේ දේවල් කියන්න කියලා. ඉතින් මමත් මම ආස දේවල් ඔක්කොම කියනවා. එහා පැත්තෙන් කව්රැත් කතා කරන්න නම් නැහැ. එත් මම කියවනවා මට ඕනේ දේවල්. ඉතින් ඒවා අම්මයි තාත්තයි අහගෙන ඉඳලා මට ලැඛෙන්න සලස්වනවා නත්තල් සීයා ගෙනත් දුන්න විදියට.
දැන් කොහොමද තෑගි ලැඛෙන්නේ?
අම්මයි තාත්තයි දැන් අක්කලා දෙන්නත් ඉන්න නිසා මට තෑගිනම් තාමත් ලැඛෙනවා.
අක්කලට කලින් කියනව ද ?
එහෙමත් නැහැ. මම කැමැතියි කියලා දැනගත්තම ගෙනත් දෙනවා. මට මේ දේ ගෙනත් දෙන්න කියලා කියන වෙලාවල් තියෙනවා. ගොඩක් වෙලාවට මම ෂොපින් යන්නේ අක්කලා දෙන්නා එක්ක. එතකොට ඒ අය මට ඕනේ දේවල් අරන් දෙනවා.
එහෙනම් ඔයා තමා පවුලේ කමජනහ ම නේද ?
ඔව්. ඔව්. මම පවුලේ බාලයා නිසා මට ලැඛෙන දේවල් වැඩියි.
එතකොට ශනුද්රි මොනවද දෙන්නේ?
මම ඉතින් පුරුද්දක් විදියට මගේ පවුලේ අයට වගේම මගේ යාළුවන්ට නත්තල් සුබ පැතුම් පතක් හදලා යවනවා. මටම හදන්න බැරි වුණොත් කඩෙන් අරන් හරි යවනවා. ඊට අමතරව ගෙදර අයට විතරක් මට පුළුවන් විදියට පොඩි තෑග්ගක් දෙනවා.
නත්තලට ගෙදර පාටියක් තියෙනවා ද ?
අනේ නැහැ. අපේ ගෙදර කවදාවත් එහෙම පාටි නම් දාන්නේ නැහැ. නෑදෑයෝ යාළුවො එහෙම ඇවිත් යනවා. ඒ ඇරෙන්න පාටියක් කියලා නම් අපේ ගෙදර කවදාවත් කරන්නේ නැහැ.
නත්තල් ගීතයක් එහෙම කරන්න අදහසක් නැද්ද?
මම කලින් ගීතයක් කළා. ඒ වගේම මම ධ/ඛ වලට ආගම ඉගෙන ගත්ත ෆාදර් ගේ කෘ එකට නත්තල් ගීතයක් කළා. තවම මගේ තනි ගීතයක් නම් නත්තල වෙනුවෙන් කරන්න බැරි වුණා. බලමු ඉතින් ඉස්සරහට තියෙන නත්තලකදී ඒ ගැන.
නත්තලට මාධව ඇවිත් තියෙනවද?
නත්තලට කියලා නම් ඇවිත් නැහැ. කොහොමත් මාධව අයියා සහ පේෂල අයියා අපේ ගෙදර ඇවිත් යනවා. අපේ ගෙදරත් එක්ක ඒ දෙන්නම හරි හිතවත්. අපේ අම්මා වුණත් එයාලා එක්ක හරි හිතවත්. ඉතින් අපිත් හරි කැමැතියි එයාලා ඇවිත් යනවට.
තෑගි දෙන්නේ නත්තල් සීයා කියලා
මට තාම නත්තල් කේක් හදන්න බැහැ