Dec
15
'චයිනා මර්චන්ට්' ජනවාරි මුල් සතියේ සිට හම්බන්තොට වරායේ මෙහෙයුම් අරඹනවාලු

මෙම ව්‍යාපෘතියට අදාළ ගිවිසුම පසුගිය 08 වැනිදා අස්සන් කළ බව 'මව්බිම' කළ විමසීමේදී ඇමැතිවරයා පැවැසීය.
ගිවිසුමට අදාළ කොන්දේසි ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයකට පත්කර ගැනීමට සිය සාකච්ඡා බෙහෙවින් උපකාරී වූ බව රණතුංග මහතා ප්‍රකාශ කළේය.
වරායට අයත් භුමි භාගයේ වටිනාකම මුල් වසර 15 ස්ථාවරව පවතින බවත්, පසුව වසර පහෙන් පහට පවතින වටිනාකම් අනුව වෙනස්වීම ගිවිසුමට ඇතුළත් කළ මූලික කොන්දේසියක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.
කොන්දේසි පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කර මනා දැනුමකින් එය අස්සන් කළ බවත් එම සමාගම ගිවිසුම අනුව ඩොලර් බිලියන 1.12ක් ආයෝජනය කරන බවත් ඇමැතිවරයා කීය.
ලංසු තැබූ වෙනත් සමාගම් සමඟ සැසඳීමේදී අස්සන් කළ චීන සමාගම ඩොලර් මිලියන 400ක වැඩි ලංසුවක් තැබූ සමාගම බවද ඇමැතිවරයා හෙළි කෙළේය.
මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාව චීන රජයට ගෙවීමට නියමිත මුළු ණය මුදලින් 80%ක් කපා හැරෙන බවද පැවැසූ ඇමැතිවරයා ශ්‍රී ලංකා රජයට ගෙවීමට සිදුවන්නේ ඉන් 20%ක මුදලක් පමණක් බවද පැවැසීය.