Nov
09
‘ උඩුගුවනේ සිට’ අමෙරිකානු ජනපතිවරණයට ඡන්දය දුන්න හැටි

ඔවුන් ඡන්දය ප‍්‍රකාශ කර ඇත්තේ පැයට සැතපුම් 17,000ක වේගයෙන් පෘතුවිය වටා පරිශ‍්‍රමණය වන යානයක සිට බවයි පැවසෙන්නේ.
නාසා ආයතනයට අනුව ගගනගාමී ෂේන් කිම්බ්‍රෝ ජාත්‍යන්තර අභව්‍යකාශ මධ්‍යස්ථානයේදී නිල වශයෙන් සිය ඡන්දය ප‍්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම ගගනගාමී කේට් රුබින්ස් පෘතුවියට පැමිණීමට පෙර සිය ඡන්දය ප‍්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
ගගනගාමීන් සඳහා ඡන්දය ප‍්‍රකාශ කිරීමේ කි‍්‍රයාදාමය ඔවුන් ගුවන්ගත වීමට වසරකට පෙර සිට කි‍්‍රයාත්මක කරනු ලබනවා.
එවිට ගගනගාමීන් ඡන්දයට මාස 06කට පෙර තම අයදුම්පත් සම්පූර්ණ කර එවන බවයි නාසා ආයතනය සඳහන් කරන්නේ.
ගගනගාමීන් සඳහා උඩුගුවනේ සිට ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රමවේදය 1997 වසරේ සිට ඇමරිකාවේ කි‍්‍රයාත්මක වනවා.