Oct
16
CIDය FCIDය අල්ලස් කොමිසම බුරුතු පිටින් ඉවත් වෙන්න යයි

අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන නීතිඥ ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය දැනටමත් මැලේසියාවට ගොස් සිටින අතර ඇයද ශ්‍රී ලංකාවට පැමිණි පසු තීරණාත්මක ප්‍රකාශයක් කරනු ඇති බවද දැනගන්නට ඇති අතර ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඇය මලේසියාවේ සිට කරුණු අධ්‍යයනයක යෙදුණු බවද වාර්තා විණි.
දේශපාලන භේදයකින් තොරව තමන්ට පවරන ලද රාජකාරිය අකුරට ඉටුකළ ඇතැම් උසස් පොලිස් නිලධාරීන්ට ඉදිරියට පරීක්ෂණ කටයුතු ගෙනයෑමේදී සිදුවන අපහසුතාවන් මෙන් ඔවුන්ට ඇති විය හැකි ජීවිත අවදානම සම්බන්ධයෙන්ද පසුගිය දින දෙක තුළ එම නිලධාරීන් උසස් පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමුකරමින් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සහ පරීක්ෂණ මෙහෙයවිය යුතු අන්දම ගැන උපදෙස් පතා ඇති බවද උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
පසුගිය රජය සමයේ සිදුවී ඇති බරපතළ ගණයේ රටේ ආන්දෝලනයට ලක්වී තිබූ අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් මේ වනවිට තීරණාත්මක සන්ධිස්ථානයක් දක්වා පරීක්ෂණ තල්ලු වෙමින් පවතින මේ මොහොතේ එම පරීක්ෂණ සිදුකරන උසස් නිලධාරීන්ගේ මානසිකත්වය බිඳවැටෙන තත්ත්වයක් මතුවෙමින් තිබෙන බවද නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර මූල්‍ය අපරාධ කොට්ඨාසයට, රහස් පොලිසියට, අල්ලස් කොමිසමට යොමු කරනු ලබන බරපතළ ගණයේ මූල්‍ය අපරාධ සහ අල්ලස් චෝදනා පිළිබඳ පැමිණිලි මූලිකව දූෂණ මර්දන කමිටු මහ ලේකම් කාර්යාලයට යොමු කිරීමෙන් පසු එම පැමිණිලි අදාළ අංශවලට යොමු කිරීම පිළිබඳ අවසාන නිගමනයකට පැමිණෙන්නේ ඒ පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරනු ලබන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකුගේ මූලික පරීක්ෂාවෙන් පසුව බවද නීති ක්‍ෂේත්‍රයේ උසස් නිලධාරියකු පැවැසීය.