Oct
18
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_ttZ2r6AD46TSmKR6ixAMHBiui7nZKTkf86-ebCNwuyQJohwc18Gemcq5YMO0qdggzqrNFp0nNMGteT-WwqNZjU5WMjT0Yc-NvsSe-9EpCslS_xL2VsImJuTVaC5d59Kr4enYfYlCo1s/s320/2016-10-16-ent-68.jpg)
මේ දවස්වල මොකද කරන්නේ?
සිම්බාබ්වේ සංචාරයට පුහුණුවීම් කටයුතු කරනවා. ඊට අමතරව වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරනවා.
පළවෙනි ගීතයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. මම වඩාත් කැමති ශ්‍රාස්ත්‍රිය සංගීතයට. මගේ දෙවැනි ගීතය කළේ ඒ අනුව.
දෙවැනි ගීතය මව් ගුණ ගීතයක්. ඒ ගැන කතා කළොත්?
ඔව්. මට මේ ගීතය කරන්න ආරාධනා කළේ මේ ගීතය සංගීතවත් කළ අරැණ ගුණවර්ධන අයියා. එයා අපේ අම්මා එක්ක සහ අපේ පවුලත් එක්ක ඉතාම කිට්ටුවෙන් ආශ්‍රය කරන කෙනෙක්. ඉතින් එයාට ලොකු ආසාවක් තිබ්බා මේ ගීතය මට කියලම කියවා ගන්න. ඊට පස්සේ මටත් මේකේ පද පෙළ දැක්කම ගොඩක් ආසා හිතුණා. ඒ වගේම මම කැමතිම විදිෙහ් ගීතයක් නිසා තමා මම මේ ගීතය කළේ.
එතකොට ගීතය ලිව්වේ කවුද ?
දුලී ගුණවර්ධන අක්කා. එයත් අම්මට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඉතින් එයත් මට කිව්වේ මේ ගීතය ඔයාම ගායනා කරන්න ඕනේ කියලා. ඉතින් මමත් ගොඩක් අසාවෙන් ගායනා කරපු ගීතයක් තමා මේ "රැහිරැ බිදු කිරි රසට හරවා..." ගීතය.
ගීතයට රෑප රචනාවක් කරන්න අදහසක් නැද්ද?
අරැණ අයියට සහ දුලී අක්කට වුවමනාවක් තිබ්බා මාවයි අම්මවයි යොදාගෙන ගීතයට රෑප රචනාවක් කරන්න. නමුත් මගේ මේ කාර්යබහුල ජීවිතය නිසා තවම ඒක කරගන්න බැරි වුණා. විවේකයක් ලැබුණම රෑප රචනාවක් කරන්න ඉන්නේ.
අම්මා දැන ගෙන හිටියද ගීතයක් කරන බව?
නැහැ, මම කිව්වේ නැහැ. ගීතය කරලා අවසන් වුණාට පස්සේ ගෙදර ගිහින් තමා මම ගීතය අහන්න දුන්නේ.
අම්මගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?
අම්මා ගොඩක් සතුටු වුණා, මගේ තාත්තා නැති වුණ දවසේ ඉඳන් අපිට දුකක් නොදී බලාගත්තේ අම්මා. ඉතින් මේ ගීතය අම්මා කඳුළු පිරි දෙනෙතින් අහගෙන හිටියා. මගේ අම්මා ගොඩක් සංවේදී කෙනෙක්. ඉතින් මම දන්නවා ඒ කඳුළු සතුටු කඳුළු කියලා.
පියා නැති වුණේ සචිත්‍ර ගොඩාක් කුඩා කාලෙද?
මට අවුරැදු 15 දී. මතක් කරන්න ඕනේ එදා ඉඳන් අම්මා අපිව බලාගත්තා වගේම මගේ අයියා මට ගොඩක් උදව් කළා. අයියගෙයි මගෙයි අතර පරතරය අවුරැදු 10ක්. එයා මට තාත්තා කෙනෙක් වගේ දැනුණේ.
කොහොමද ගීතයට ලැබෙන ප්‍රතිචාර?
ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තවමත් මට ගොඩක් අය කතා කරලා ගීතය ගැන කියනවා. මේ කාලේ ගොඩක් ඇහෙන්නේ ආදර සහ විරහ ගීතනේ. ඉතින් මව් ගුණ ගීතයක් නිසාත් වෙන්න ඇති මේ ගීතයට ගොඩක් අය හොඳ කියනවා.
සචිත්‍රට අදහසක් නැද්ද දැන් තියෙන විදියේ ආදර හෝ විරහ ගීතයක් කරන්න?
අනේ නැහැ. මම කැමති නැහැ. මම පෞද්ගලිකව කැමති ශ්‍රාස්ත්‍රිය ගීතවලට.
ආයෙත් ගීතයක් කරන්න ආරාධනාවක් ලැබුණොත් භාර ගන්නවද?
අනිවාර්ෙයන්ම. මේ දවස්වල මට තව කිහිප දෙනෙක් ආරාධනා කරලා තියෙනවා, ක්‍රිකට්වලට බාධාවක් නොවෙන විදියට හොඳ ගීතයක් ලැබුණොත් අනිවාර්ෙයන්ම කරනවා. ඒ ක්ෂේත්‍රයක් වෙනස් කරන්න හිතාගෙන නෙවෙයි මොකද මම ගායකයෙක් නොවන නිසා. නමුත් මගේ ආත්ම තෘප්තිය උදෙසා මම මට ගැළපෙන ගීත භාර අරගෙන කරනවා කියන තැන මම ඉන්නේ.
ඔය කිව්වට ඔහොම ගිහින් ගායකයෙක්ම වෙයි නේද?
නැති වෙයි නේද? මොකද මම ගායකයෙක් වෙන්න හිතා ගෙන නෙවෙයි ගීත කරන්න.
ප්‍රසංගවලට ආරධනා ලැබුණොත් භාර ගන්නවද?
මෙහෙමයි එළිමහන් ප්‍රසංගවලට නම් මම කැමති නැහැ. නමුත් Indoor Show එකකට වගේ ආරාධනා කළොත් නම් භාර ගන්නවා, ඒත් ගායකයෙක් විදියට නෙවෙයි.
ඒ කිව්වේ?
මාව දන්න විදියක් තියෙනවනේ ඒ විදියට ගිහින් ගීත කියන්න තමා කැමති.
ඒ කියන්නේ ඔබව වේදිකාවේදී හඳුන්වා දෙන්න ඕනේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට?
(හිනා) ඔව් මාව ඉතින් දන්න විදියක් තියෙනවානේ. ඒ විදියට හඳුන්වා දුන්නම ඇති
ඔබේ ගීතවල මුල්ම ශ්‍රාවකයා හෝ ප්‍රේක්ෂකයා කවුද?
මගේ බිරිය. එයා තමා මුලින්ම අහලා කියන්නේ ගීතය ගැන.
එයාටත් ගීත ගායනා කරන්න පුළුවන්ද?
ඔව් ඔව්. ඉදිරියේදී ඉරේෂායි මමයි ගීතයක් කරන්න ඉන්නවා.
අපි පවුලේ විස්තර කතා කළොත්?
මමයි අම්මයි අයියයි අක්කයි ඉන්නේ. අම්මා ශීලා සේනානායක. අයියා සසංක සේනානායක. අක්කා මානුෂි සේනානායක, මගේ බිරිය ඉරේෂා.
මට පුතාලා දෙන්නෙක් ඉන්නේ ලොකු පුතා සහස් පොඩි පුතා සුහස්.
පුතාලා දෙන්න කවද හරි ක්‍රිකට් ක්‍රීඩා කරනවටද කැමති සංගීතයට යොමු වෙනවටද?
එහෙම මගේ ආසාවක් නැහැ. එයාලා කවද හරි ඉගෙන ගෙන තෝරාගන්න පැත්තට මම උදව් කරනවා, මගේ බලාපොරොත්තුව එයාලා හොඳින් සතුටින් ඉන්නවා දැකීම විතරයි. මම නිතර මගේ බිරිය ඉරේෂට වුණත් කියන්නේ අපිට පුළුවන් කාලේ ඒ අය වෙනුවෙන් කරන්න පුළුවන් දේ උපරිමයෙන් කරමු, ඒත් කවද හරි දරැවන්ගෙන් යැපෙන්න බලන් ඉන්න හොඳ නැහැ කියලා.
අනාගත බලාපොරොත්තු?
ලොකු බලාපොරොත්තු කියලා නැහැ, ඉදිරියට තියෙන තරගවලට හොඳින් මුහුණ දෙන්න වගේම කා එක්කත් සුහදව සතුටින් ජීවත් වීම තමා බලාපොරොත්තුව.
ආපසු හැරිලා බලද්දී ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
සතුටයි දුකයි මිශ්‍ර වුණු ජීවිතයක් තියෙන්නේ, අද ඉන්න තැන ගැන හිතද්දී සතුටුයි. මට මෙතනට එන්න ගෙදර හැමෝම උදව් කළා. ඒ වගේම මම මේ ගමන බාධක කම්කටොලු මැදින් සමාජ අත්දැකිම් ලබමින් ඉදිරියට ආව ගමනක්, ඒ ගැන හිතද්දී අද ඉන්න තැන ගැන නිහතමානී සතුටක් තියෙනවා.
සචිත්‍රට සමුදෙන ගමන් සචිත්‍රගේ අම්මා ශීලා සේනානායක මහත්මිය එක්කත් පොඩ්ඩක් කතා කරන්න හිතුණා. ඒ සචිත්‍රගේ මේ මව් ගුණ ගීතය ගැන සහ සචිත්‍රගේ කුඩා කාලේ මතකයන්.
කොහොමද සචිත්‍ර පොඩි කාලෙත් සංගීතයට කැමතිද?
අනේ ඔව් පොඩි කාලේ ඉඳන්ම පාසැල් යන්නත් කලින් ඉඳලම පුදුම ආසාවක් තිබ්බා සංගීතයට, මට මතකයි පුතා පොඩි කාලේ අපි ගියා ගුණදාස කපුගේ මහතාගේ "කම්පන" ඒක පුද්ගල ගී ප්‍රසංගය බලන්න, එදා ගුණදාස කපුගේ මහතා &දවසක් පැල නැති හේනේ* ගීතය ගායනා කරද්දී මෙයාගේ අතේ තිබ්බ ටොෆි චොකලට් ටික එකින් එක අතින් වැටෙනවා පුතා ඉන්නවා ගීතය හොඳින් අහගෙන, ඒ වගේම තමා ඒ ගීතය පොඩි කාලේ ඉඳන්ම කියන්න ගත්තා.
කොහොමද පාසල් කාලය පුතාගේ?
මම උගන්වපු පාසලටම තමා පුතා මුල් කාලේ ගියේ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලයට. ඊට පස්සේ තමා ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ ආනන්ද විද්‍යාලයට ආවේ. කොහොම හරි මට මතකයි දෙවැනි වසරේදී වගේ පොතේ තිබ්බ ධීවර ගීතයක් ළමයින්ට කියන්න තිබ්බා, ඉතින් ළමයි එක එක විදියට කියද්දී පුතා ගිහින් පන්ති භාර ගුරැතුමියගෙන් අහලා තියෙනවා මේකට තාලයක් දාලා කියන්නද කියලා. ඊට පස්සේ මෙයා තාලයක් දාලා කියලා පෙන්නලා. පස්සේ මුළු පන්ති පේළියට කියන්න කියලා තියෙන්නේ පුතා කියපු තාලෙට. පොඩි කාලේ ඉඳන්ම වේදිකාවකට නැගලා ගීතයක් කියන්න කිව්වොත් එයා කියනවා. බයක් එහෙම නැහැ හරි ආසයි ඉදිරිපත් වෙන්න. ඒ වගේම පුතා සමස්ත ලංකා තරගවලට පවා ගියා.
මෙච්චර සංගීතයට ළැදි සචිත්‍ර කොහොමද ක්‍රීඩාවට යොමු වුණේ?
මම පුතාගේ දැක්ක මුල්ම ක්‍රීඩාවට යොමු වීම තමා පාසැලේ පළමු වසරේ තිබ්බ පොඩි අයගේ ක්‍රීඩා උළෙලක ගෙම්බෝ පනින තරගය. මම එදා පිට්ටනියට එද්දීත් තරගේ පටන් අරගෙන. මම දැක්කා ළමයි ටික පෙලට පැන පැන යනවා, පුතාව දැක්කේ නැති නිසා මම ඇහුවා එතන හිටපු ගුරැතුමියකගෙන් කෝ අපේ පුතා කියලා. එතකොට අන්න අර ඈත යන්නේ කියලා පෙන්නුවා. බැලින්නම් මෙයා මුලටම ඉන්නවා. ඒ තමා මගේ පුතාගේ මම දැක්ක මුල්ම ක්‍රීඩාවට යොමු වීම.
එතනින් එහාට දිගටම ක්‍රීඩාවටද යොමු වුණේ?
ඔව් ක්‍රීඩාව පැත්තෙන් මුලින්ම කියලා කළේ long Jumping, ඒ හරහාත් සමස්ත ලංකා මට්ටම දක්වා පුතා ගියා. ඊට පස්සේ තමා ආනන්ද විද්‍යාලයේ වෝල්ටර් ගුරැතුමා යටතේ ක්‍රිකට් ක්‍රීඩාව හැදෑරැවේ. වෝල්ටර් ගුරැතුමාගේ ලොකු විශ්වාසයක් තිබ්බා කවද හරි දවසක පුතා ජාතික කණ්ඩායම නියෝජනය කරයි කියලා. පුතාට මොකක් හරි අරමුණක් ඇති වුණොත් සියලු බාධක මැඩගෙන ඒ ගමන යන කෙනෙක්. අද පුතා මේ තැන ඉන්නෙත් ඒ ආත්ම ශක්තිය නිසා තමා.
එතකොට අම්මා දැනගෙන හිටියද පුතා අම්මා වෙනුවෙන් ගීතයක් කරනවා කියලා?
මට දවසක් මගේ දුව මනුෂී සේනානායක කිව්වා ඔන්න මල්ලී අම්මා වෙනුවෙන් ගීතයක් කරන්න හදන්නේ කියලා. නමුත් පුතා මට කවදාවත් කියලා තිබුණේ නැහැ. පුතා මට හරි ආදරෙයි. දවසක් ගෙදර ඇවිත් මට ඉරේෂා දුව කිව්වා අම්මා පොඩ්ඩක් එන්නකෝ කියලා. පුතායි ඉරේෂා දුවයි මට මේ ගීතය අහන්න දුන්නා ලැප්ටොප් එකෙන්.
මොකද හිතුනේ?
අනේ මට මුකුත් හිතාගන්න බැහැ. මගේ ඇස් සතුටු කඳුළුවලින් පිරැණා. හරිම හැඟුම්බරයි. ඒ මොහොතේ දැනුණ හැඟීම මෙහෙමයි කියන්න මට වචන නැහැ.
සචිත්‍ර ඔබේ පොඩි පුතා නේද?
ඔව් මට ඉන්නේ මගේ ලොකු පුතා ඊට පස්සේ දුව. බාලයා තමා සචිත්‍ර. මේ වෙලාවේ ලොකු පුතාව මතක් කරන්නම ඕනේ. මොකද සචිත්‍ර පොඩි කාලෙම තාත්තා නැති වුණා. එදා ඉඳන් අද වෙනකම්ම තාත්තා කෙනෙක් වගේ හිටියේ ලොකු පුතා තමා. හැමෝම මට කියන්ෙන මම හරි වාසනාවන්තයි කියලා. මොකද දරැවෝ තුන්දෙනාම මට හරිම ආදරෙයි. මා ගැන නිතර හොයලා බලනවා.
සචිත්‍ර ගැන කතා කරද්දී අද මොකද හිතෙන්නේ?
හරිම සතුටුයි. එදා වගේම අදටත් මට මගේ චූටි පුතා තමා සචිත්‍ර. එයා කොයි තරම් ඉහළට ගියත් මට මගේ චූටි පුතාම තමා.