Oct
26
කුඩු රොෂාන් ඇතුළු 11ක් අත්අඩංගුවට

පොලිසිය පවසන්නේ, මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ පසුගිය 23දා රාත්‍රී සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියයාමේ සිද්ධිය පාතාල කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බවයි.
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාශය මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබේ.