Sep
09
දුමින්ද සිල්වා අභියාචනා කරයි

තවත් 4 දෙනෙකුට ඊයේ (8) මරණ දණ්ඩනය නියම විය. මෙම තීන්දුව ලබාදුන්නේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලකගෙන් 2 දෙනෙකුගේ තීරණය මතයි.
චෝදනා ලක්ව සිටි පිරිසෙන් 8 දෙනෙකු චෝදනා වලින් නිදහස් කර තිබ්‍ෙ. මෙම නඩු විභාගය දින 48ක් පුරා විනිසුරු මඩුල්ල වන මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්නගේ සභාපතිත්වයෙන් හා මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක හා මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්.මොරායස් යන අයගේ යටතේ සිදුවිය.
මෙම නඩුව්‍ෙ විත්ති කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ අනූජ ප්‍රේමරත්න පැවසූයේ "එක් විනිසුරුවරයෙකුගේ තීන්දුව වූයේ සියලු පුද්ගලයන් නිදොස් කර නිදහස් කිරීමයි. එක් විනිශ්චකාරවරියකගේ තීන්දුව වූයේ සමහර විත්තිකරුවන් සමහර චෝදනා වලට වරදකරු කරලා. ඒ විනිශ්චකාරවරිය සමග තවත් විනිශ්චකාරවරයෙක් එකග වුණා.නමුත් ම්‍ෙ තීන්දුවෙන් විත්තිකරුවන් අතෘප්තියට පත්වෙලා තියෙනව.ඒ පිළිබද අපට තියෙන ඊලග නීත්‍යානුකූල පියවර වන්නේ අපෑලක් ඉදිරිපත් කිරීමයි.අපි නොබෝදිනකින් ඇපෑලක් ඉදිරිපත් කරනවා" යන්වෙනි.