Sep
20
මාලිංගගෙන් අමුතුම කතාවක් – ඩිලීගේ අන්තිම මැච් එක ගැන තීරණේත් පස්සේ වෙනස් කරලා
පාදයේ සිදු කරන ලද ශල්‍යකර්මයත් සමගම මාලිංග එක්‌දින තරග අංශයෙන් සමුගැනීමේ සූදානමක් පවතින බවට පැතිර යන රාවය පිළිබඳව කරන ලද කරුණු විමසීමකදී මාලිංග ඉහත අදහස් පළ කර සිටියේය.
”මම 2019 වන තෙක් ක්‍රිකට් ක්‍රීඩා කරන්නවා. ක්‍රිකට් විතරයි”.
‘ඒකෙදි අයි. පී. එල්. ද, බිග් බෑෂ්ද, කැරිබියන් ප්‍රිමියර් ලීග්ද, ශ්‍රී ලංකාවේ දේශීය තරගද කියන එක මට වැඩක් නැහැ. මම ලබන 2019 වන තෙක් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඒ අතරතුර ලංකාවට මාව ඕන වුණොත් මම ක්‍රීඩා කරන්න ලෑස්‌තියි. හැබැයි ඉතිං සිලෙක්‌ට් වුණේ නැත්නම් කරන්න දෙයක් නැහැ. ඒකයි මං කිව්වේ ක්‍රිකට් ක්‍රීඩා කරනවා කියලා” යි මාලිංග සඳහන් කරයි.
වසර ගණනාවක් තිස්‌සේ දණහිසේ ඇතිව තිබූ ආබාධිත තත්ත්වය වඩාත් උත්සන්න අතට පැමිණීම නිසා ශල්‍යකර්මයකට මුහුණ දුන් මාලිංග පසුගිය මාස 11 ක පමණ කාලය තුළදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටියේය.
”කොහොමත් මම අවසන් මාස 11 දී මුකුත්ම කරලා නැහැ. අඩුම තරමේ මීටර 100 ක් වත් දුවලා නැහැ. දුවන්න බැරි ප්‍රශ්නයකුත් තිබ්බා. ඉතිං ඒ කාලයේදී අතපසු වුණු ශාරීරික යෝග්‍යතාවය ලබා ගන්න තව මාස 3 ක් හෝ 4 ක් වත් යනවා. ඊට පස්‌සේ බලනවා එක්‌දින තරගයකට ක්‍රීඩා කරන්න පුලුවන්ද කියලා. මොකද ඕවර 4 ක් දාලා විස්‌සයි/20 තරගයකට ක්‍රීඩා කරනවාට වඩා ඕවර 10 ක් දාලා ඕවර 50 ක් පන්දු රකිනවා කියන්නේ ලොකු වෙනසක්. ඒක ඕන බුද්ධියක් තියෙන කෙනෙකුට තේරෙනවා. ඒකයි මම මුලින්ම විස්‌සයි/20 තරග වලට ක්‍රීඩා කරන්න හිතුවේ. නැතිව එක්‌දින අංශයෙන් සමුගන්න නොවෙයි”යි මාලිංග පවසයි.
ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අතරතුරදී යළිත් මාලිංග සිය පුහුණුවීම් ආරම්භ කළ බැවින් බොහෝ දෙනාගේ බලාපොරොත්තුව වූයේ එම සංචාරය යටතේ පැවැති විස්‌සයි/20 තරග සඳහා මාලිංග ක්‍රීඩා කරනු ඇති බවටයි. එහෙත් එම තරග සඳහා වන තේරීම්වලට මාලිංග ඇතුළත් නොවීම නිසා එම අවස්‌ථාව ඔහුට අහිමිවිය.
”ඇත්තටම ඩිල්ෂානුයි මායි ගිය ජනවාරි මාසයේ ඉඳන්ම සැලසුම් කරලා තිබුණේ ඔස්‌ටේ්‍රලියාව සමග පැවැති විස්‌සයි/20 තරග ක්‍රීඩා කරන්න. මට උවමනාවක් තිබුණේ ඩිල්ෂාන්ගේ සමුගැනීමේ තරගයට ක්‍රීඩා කරන්න. ඒක නිසයි කකුල කැඩිලා ගියත් කමක් නෑ කියල මම ඒ තීරණය ගත්තේ. ඒත් ඒ තීරණය පස්‌සේ වෙනස් වුණා’ යි මාලිංග පවසයි.
”මට දැන් හදිස්‌සියක් නැහැ”.
”මම බලන්නේ මගේ කකුල හොඳටම හොඳ වෙනකම් පුහුණුවීම් කරලා අනිත් අඩුපාඩු ටික හදා ගන්න. මගේ තවම පියවර දිවීම මෙන්ම යෝකර් පන්දු යෑවීම 100% කින් හොඳ තත්ත්වයක නැහැ. මම හිතන්නේ අපිට ඊළගට විස්‌සයි/20 තරගයක් තියෙන්නේ ලබන ජනවාරි මාසයේ. ඒ වෙන කොට මම හිතනවා හොඳ ශාරීරික යෝග්‍යතාවයක් සහිතව මගේ උපරිම දක්‌ෂතාවයට එන්න පුලුවන් වේවි කියලා”යි මාලිංග පවසයි.
නවකයකු කණ්‌ඩායමට පැමිණ තරග කිරීමේදී ලකුණු 100 ක් ලබා දී එක් කඩුල්ලක් දවා ගැනීමට අසමත් වුවත් ඔහු නවකයකු බැවින් ගණන් නොගන්නා පිරිස් තමා ක්‍රීඩා කිරීමේදී ප්‍රතිවාදී පිලේ කඩුලු 10 ම ලබාගත යුතුය කියන මතයේ සිටින බව දැන් තමා තේරුම් ගෙන තිබෙන බවත් පවසන මාලිංග එහෙයින් යළි ක්‍රීඩා පිටියට පිවිසීමේදී සෑම අංශයකින්ම 100% කින් ශක්‌තිමත් වී සිටීම වඩා යෝග්‍ය බව විශ්වාස කරයි.
”අපි බැලුවොත් මම සෙල්ලම් කරනවා නම් කඩුලු 10 ම ගන්න ඕනෙයි කියන එක තමයි අපේ අයගේ මතය වෙලා තියෙන්නේ. අලුත් ක්‍රීඩකයෙක් කඩුල්ලක්‌වත් නැතිව ලකුණු 100 ක් දුන්නත් කියන්නේ අලුත් නිසා කමක් නෑ කියලායි. ඉතිං ඔය වගේ තත්ත්වයකදී මගේ දක්‌ෂතාවය උපරිමයටම තියෙන්නෙ ඕන. අන්න ඒක නිසයි මගේ තීරණය වෙනස් කළා කියලා කිව්වේ” යි මාලිංග කියයි.
මෙහිදී තම පුහුණුවීම්වල නවතම තත්ත්වය පිළිබඳවද අදහස් දක්‌වා සිටි මාලිංග තමන් මේ වන විටත් සිය පුහුණුවීම්වල උපරිමයට පැමිණ තිබෙන බවත් එහිදී පූර්ණ පියවර සහිතව තමන් දින 6 ක් තිස්‌සේ පන්දු යෑවීම සිදුකළ බවත් මාලිංග සඳහන් කර සිටියේය.