Sep
27

සිය මව තරවටු කිරීම හේතුවෙන් දියණියක් නිවස හැරගොස්
තිබ්‍ෙ. වව්නියාව්‍ෙ සිට කැකිරාව-සේනපුර බලා කිලෝමීටර 90ක් දුර පිහිටි සිට පියාගේ ඥාති නිවසක් බලා මෙම 11 වසරේ ඉහෙනුම ලබමින් සිටි දැරිය පාපැදියකින් ගමන් කර ඇත.
පසුව ඇය ගමන්ගන්නා අතරතුර මිහින්තලය පොලීසියේ ළමා හා කාන්තා කාර්්‍යාංශය මගින් පොලිස් භාරයට ගෙන තිබ්‍ෙ. අනතුරුව දැරිය නැවතත් ඇයගේ මවට නැවතත් (පසුගිය 25 වන දින) භාරදී තිබ්‍ෙ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 15ක් වයසැති පාසැල් සිසුවියකි. මෙම සිසුවිය මාර්ගයේ ගමන් කරනා අතරතුර මිහින්තලය හන්දිය ප්‍රදේශයේ තරුණයින් පිරිසක් සැකසහිත බව හේතුවෙන් පාපැදිය නවතා තොරතුරු වමසා ඇත.
පසුව ඒ පිළිබදව මිහින්තලය පොලීසියට දැනුම්දී ඇත. වැඩිදුර ප්‍රශ්ණකිරීම් වලදී දැරිය පවසා ඇත්තේ ඇයගේ මව බැනවැදී ගෙදරින් පිටව යනලෙස පැවසූ හේතුවෙන් සිය මියගිය පියාගේ ඥාතීන් සිටිනා සේනපුර නිවසක් බලා යාමට තීරණය කල බවයි. දැරිය පොලීසියට පවසා ඇත්තේ සිය මව පසුගිය සතියේ ඇයගේ විවාහක වැඩිමහල් දියණිය බැලීම සදහා කැබිතිගොල්ලෑවට ගොස් ඇති බවයි ඒ හේතුවෙන් මෙම සිසුවියව ඇයගේ ලොකු අම්මා භාරයේ තබාගොස් ඇත.
එම නැවතී සිටි ලොකු අම්මාගේ නිවසේ ජංගම දුරකථනයක් නැතිවීම නිසා ලොකුඅම්මා විසින් මෙම දරුවාව පොලීසියට සැකපිට ගෙන්වා ඇති අතර ඉන් පසු මව හා සිසුවිය අතර සිදුවූ වචන හුවමාරුවකින් මෙම සිදුවීම සිදුව තිබ්‍ෙ.