Sep
27
මෝල්ගහකින් ගහලා 7 හැවිරිදි දරුවකු ඝාතනය කළාට අධිකරණයෙන් ලැබිච්ච ලොකුම දඬුවම
රත්මලාන ප්රදේශයේ පදිංචිකරුවකු වන දුමින්ද බුවනෙක සමරසිංහ නමැත්තාට එලෙස මරණීය දණ්ඩලය නියම කළේය. 2008.06.20 වැනිදා රත්මලාන ප්රදේශයේදී කසුන් නිශාන්ත නමැති පිරිමි දරුවාට අමානුෂික ලෙස පහරදී ඇති බව පැමිණිල්ලෙන් චෝදනා නගා තිබුණි.
විත්තිකරුට එරෙහිව ගොනු කර තිබූ නඩුවේ සාක්ෂි විභාගය ජූරි සභාවක් ඉදිරියේදී පැවැත්විණි. සාක්ෂි විභාගයෙන් අනතුරුව විත්තියේ හා පැමිණිල්ලේ නීතිඥවරුන් ජූරි සභාව ඉදිරියේදී සිය දේශන පැවැත්වූ අතර අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා නීතිමය කරුණු හා දෙපාර්ශ්වය ඉදිරිපත් කළ සාක්ෂිවල සම්පිණ්ඩ ඇතුළත් දේශනයක් ජූරි සභාව ඉදිරියේදී සිදු කළේය. අනතුරුව පස්වරු 3.30 ට පමණ ජූරි සභික මැදිරිය වෙත ගොස් සාකච්ඡා කළ ජූරි සභාව පස්වරු 4.20 ට පමණ විවෘත අධිකරණයට පැමිණ සිය තීරණය විනිසුරුවරයා වෙත දැනුම් දෙනු ලැබුවේය.