Aug
21
ඊයේ ගුවන් යානයෙන් බැස ලංකාවේ ටීම් එකට ආපු ක්‍රිකට් ක්‍රීඩකයා

එක්දින තරගය සඳහා සංචිතයට නම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ඊයේ (20)දිනයේ ගුවන් යානයෙන් බැස එසැණින් පුහුණුවීම් සඳහා එක්වූ පුවතක් වාර්තා වනවා. ඒ ,අමිල අපොන්සු ක්‍රීඩකයායි.
දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සු මෙලෙස අවසන් මොහොතේ ජාතික කණ්ඩායමට එක්ව ඇත්තේ දකුණු අප්‍රිකාවේ සිට පැමිණ බවයි වාර්තා වන්නේ.
ඔහු ශ්‍රී ලංකාවේ කණ්ඩායමක් සමග පසුගිය දා දකුණු අප්‍රිකාවේ තරග සංචාරයකට පිටත්ව ගොස් සිටියා.