Aug
15
“ටෙලි music වීඩියෝ” මේ නම ඇහුව ගමන් ඒ තරම් පුරුදු නැති උනත් ඔය හැමෝම හැමදාම රෑ වෙනකොට ගෙදර සාලේට එකතුවෙනවනේ නාට්‍ය බලන්න. මේ නාට්‍ය වල කතා තේමාව සහ අපේ නළු නිළියන්ගේ, අධ්‍යක්ෂවරුන්ගේ දක්ෂතාවය නිසාම ගෙදර හැමෝම රෑට එකම වේලාවකදී රූපවාහිනිය ඉස්සරහ ඉඩක් වෙන්කරගන්නවා. ඉතින් එහෙම අසාවෙන් නාට්‍ය බලන ඔයාට ඔන්න දැන් විනාඩි 07ක් පුරාවට කිසිම පාළුවක් නැතිව රසවිඳින්න පුළුවන් ටෙලි music වීඩියෝවක් ළගදීම ශ්‍රී ලංකාවේදී පළමු වතාවට රසවිදින්න අවස්ථාවයි මේ අලුත්ම පෙරළියෙන් සිදුවෙන්නේ.
රොෂාන් ප්‍රනාන්දු ගයන අලුත්ම ගීතයට මේ music වීඩියෝ පෙරළිය සිදු කරන්නේ SaReGaMa Digital ආයතනය සමඟින් එළ idia ආයතනයයි. රොජර් සෙනවිරත්න, තිලක් කුමාර රත්නායක, අමිල කරුණානායක සහ නයෝමි තක්ෂිලා යන ප්‍රවීණ නවීන නළු නිළියන්ගෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙලි music වීඩියෝව හැඩවෙලා තියෙනවා. අපි බලමු ලංකාවේ පළමු වරට අත්හදාබලන මේ පෙරළියට ලැබෙන ප්‍රතිචාර මොනවගේද කියලා. ඔන්න එහෙනම් අපිත් සුභ පතනවා ලංකාවේ පළමු ටෙලි music වීඩියෝව සාර්ථක වෙන්න කියලා.





