Aug
14
ඇහැළියගොඩ අභිරහස් මරණයක්
119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත ඇහැලියගොඩ පොලීසිය සිදුකළ විමර්ශනයකදී අදාළ මළසිරුර සොයාගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ දිගන, කිතුලේමඩ ප්රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණියක් බවට හඳුනාගෙන ඇති අතර මහේස්ත්රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය ඇහැලියගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බව වාර්තා වේ.
මෙම සැකකටයුතු මරණය පිළිබඳ ඇහැලියගොඩ පොලීසිය පුළුල් විමර්ශන සිදුකරන බව පොලිස් මූලස්ථානය පවසයි.