Aug
27
සති දෙකක් ඇතුළත ඖෂධ මිල පහළට

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) පාර්ලිමේන්තුවේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
ඉතාම අඩු මිලකට අහිංසක රෝගී ජනතාවට ඖෂධ ලබාදීමට අවශ්‍ය මිල සූත්‍රය සැකසීමේ කටයුතු මේ වන විට අවසන් කරමින් ඇති තිබෙන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ජාතික ඖෂධ පනත සම්මත කර වසරක් ගත වුවද ඖෂධ අඩු කිරීමේ මිල සූත්‍රය සෑදීමට නොහැකි වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පැවැති විවිධ දුර්වලතා හේතුවෙන් බව කී අමාත්‍යවරයා විවිධ මිල ගණන් යටතේ ඖෂධ අලෙවි කරමින් සිදු කරන මාෆියාව අවම කිරීමට අවශ්‍ය සියලු කටයුතු අමාත්‍යාංශය යටතේ ගෙන ඇති බව කියාසිටියේය.
ඖෂධ මාෆියාව අවබෝධ කර ගත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පාලනාධිකාරිය තමාගේ උපදෙස් ද ලබා ගනිමින් ඖෂධ ජාවාරමට එරෙහිව කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවැසුවේය.
ඇතැම් ඖෂධ ලබා ගැනීම සඳහා ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචිව ඇත්තේ එක් සමාගමක් වීම නිසා ඒ සමාගම නියම කරන මිලටම ඖෂධය ලබා ගැනීමට අමාත්‍යාංශයට සිදුව ඇති බවත් එම ක්‍රමවේදය වෙනස් කිරීම නිසා රුපියල් කෝටි ගණනක මුදලක් රජයට ඉතිරි කර ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේය.