Aug
03
අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන්ගේ වර්ජනයෙන් ඒකම පවුලේ 3ක් මියයයි

අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවන්ගේ වැඩවර්ජනය හේතුවෙන් අද (3) දුම්රිය අනතුරක් සිදුවුනා.
මෙම අණතුරින් තිදෙනෙක් මියගියා. මෙම අණතුර සිදුවුනේ කුරුණෑගල පිහිටි අෑදගල-ගනේවත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදීයි.
මෙම අණතුරින් මියගොස් අැත්තේ ඒකම පවුලේ මව හා දරුවන් දෙදෙනෙකු වේ. අණතුර සිදුව අැත්තේ අනාරක්ෂිත දුම්රිය මාර්ගය හරහා මව හා දියණියන් දෙදෙනා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේදීයි. මෙලෙස මියගිය දරුවන් දෙදෙනා අතිරේක පන්ති ගොස් ගෙදර ගෙනයන අතරවාරයේ සිදුවූ අණතුරක් හේතුවෙනි.
මෙම දුම්රිය ගේට්ටුකරුවන්ගේ වැඩවර්ජනයට හේතුව අැත්තේ ඔවුන්ගේ වැටුප 12500 දක්වා වැඩි කරන ලෙස ඉල්ලීමත් ඔවුන්ගේ සේවය ස්ථිර කරනා ලෙස ඉල්ලීමත්ය. මෙම වර්ජනයට සම්බන්ධ අනාරක්ෂිත දුම්රිය මාර්ග ක්‍රියාකරුවන් 500ක් පමණ අද පෙරවරු 9ට මැදවච්චිය දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය හරස්කරමින් උද්ශෝෂණයේද නිරතව සිටියා. මේ සිද්ධි දෙක හමුවේ අද දින දුම්රිය ගමන් වලට ප්‍රමාදයක් සිදුවුනි.