Aug
30

සුපිරි වාහන සමාගමක් වන වොක්ස් වැගන් (Volkswagen) සමාගම 2019 වසරේ එලිදැක්වීමට නියමිත නවතම මෝටර් රථය එලිදැක්වීමට නියමිතයි.
මෙම මෝටර් රථය පිළිබදව ජර්මානු සගරාවක් වන WirstschaftWoche සගරාව සමාගම්‍ෙ සභාපති වන Herbert Diess සමග කල සම්මුඛ සාකච්චාවකදී මෙහි විශේෂාංග ගැන සදහන් විය. එහිදී ඔහු පවසා ඇත්තේ නව මෝටර් රථය ඔවුන් නිපදවා ඇත්තේ පූර්ණ ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් ලෙසයි. මෙහි විශේෂත්වය ලෙස සභාපති වරයා පවසන්නේ මිනිත්තු 15ක ආරෝපන කාලයකින් පසු නව රථය සැතපුම් 300ක් ධාවනය කල හැකි බවයි.
මෙම මෝටර් රථයද ඉහත නිකුත්කර ඇති වොක්ස් වැගන් ගොල්ෆ් කාර් රථයේ ප්‍රමාණයෙන්ම නිපදවා ඇති බවත් එය 2018 වර්ශ අවසානයේ හෝ 2019 වසර මුල වෙළදපොළට ඉදිරිපත් කිරීමට සමාගම තීරණය කර ඇති බවත්ය. මෙම රථය පෙට්ට්‍රල් රථ වල මිලට සාපේක්ෂව මිලෙන් අඩු වන බවද ඔහු සදහන් කලේය.