Aug
30
ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවා කොළඔට
යම් පුද්ගලයෙකු අනවසයෙන් අතුලුව එහි අන්තර්ගත දත්ත වෙනස් කර තිබ්‍ෙ. ඊයේ (29) මෙම සිද්ධියට සැකපිට වයස අවුරුදු 17ක් වන, පසුගිය දෙසැම්බර් පැවති සාමාන්‍යය පෙළ විභාගයේ ඒ සමාර්ථ සමග සමත්වූ පාසැල් සිසුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තම්‍ෙන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබ්‍ෙ.
ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුගන්නාව ප්‍රදේශයේදීයි. ම්‍ෙ වනවිට ජනපති වෙබ් අඩවිය යථා තත්වයට පත්කර තිබ්‍ෙ. මෙම සිද්ධිය පිළිබද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් විමර්ශණ අරභා ඇත. ඉකුත් සතිය තුල මෙම වෙබ් අඩවිය දෙවරක් අනවසර දත්ත වෙනස් කිරීමට භාජනය වී අැත.මෙලෙස හැක් කර ඇත්ත්‍ෙ www.president.gov.lk යන වෙබ් පිටුවයි.
කොළඔට වැඩිදුර පරීක්ෂණ සදහා ගෙනවිත් ඇති සිසුවාගෙන් මෙම ක්‍රියාව කලේ කාගේ හෝ උවමනාවකටද හා කුමන හේතුවක් මතද යන්න විමසීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව නියෝජ්‍යය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුව්‍ෙය. අගෝස්තු 25 වන සිකුරාදා වෙබ් අඩවියේ දත්ත වෙනස් කර හැක් කර පුද්ගලයා වෙබ් අඩවියේ පනිවිඩයක් තබා තිබුනේය එනම් "අපොස උසස්පෙළ අප්‍රේල් මාසයේ නොතබන ලෙසත්, ජනපතිට රට පාලනය කරන්නට නොහැකිනම් නැවතත් ජනාධිපති වරණයක් තබනා ලෙසත්, සරසවි සිසුන්ගේ ගැටලු විසදීමට වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, අගමැතිගේ ඇතැම් ක්‍රියා නවත්වන ලෙසත්"