Jul
24
සිසුවියක් දුම්රියට පැන සියදිවි නසාගනියි

පාසල් සිසුවියක් දුම්රියේ ගැටී මියගොස් තිබ්‍ෙ. මෙම මරණය සිදුව ඇත්තේ අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය හා කන්දෙගොඩ දුම්රිය නැවතුම්පළ අතර දුම්රිය මාර්ගයේදීය.
පොලීසිය කළ පරීක්ෂණ වලින් මෙම සිද්ධිය සියදිවි හානිකරගැනීමක් ලෙස ප්‍රකාශ කර ඇත. මියගිය සිසුවියගේ සොහොයුරා බලපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවී ප්‍රකාශ කර ඇත්තේ මෙම සිසුවිය දුම්රියට පනිනා අවස්ථාව ඹහු දුටු බවයි. ඔහු තවදුරටත් පවසා ඇත්තේ ඒ අවස්ථාව්‍ෙ මියගිය සිසුවිය තවත් තරුණයෙකු සමග දුම්රිය මාර්ගය අසල සිටි බවත් සොයුරිය තමන්ව දැක බියවී දුම්රියට පැන සියදිවි නසාගත් බවයි.
නමුත් මෙම සොයුරා ඊට පෙර දින සිද්ධිය වූ ස්ථානයේදී දුන් කටඋත්තරයේ වී ඇත්තේ එම තරුණයා තම නැගනියව දුම්රියට තල්ලු කරනු දුටු බවයි. සිසුවිය ගැටුනු දුම්රියේ ආරක්ෂක නිලධාරියාගේද ප්‍රකාෂ පොලීසිය ලබාගෙන ඇති අතර පොලීසියේ නිගමනය වී ඇත්තේ මෙය සියදිවි නසාගැනීමක් බවයි.