Jul
26
මුරලිට ගැන සංගා පැහැදිලි කරයි

මුත්තයියා මුරලිදරන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා විව්‍ෙචනය කිරීමින් නිකුත් කර ප්‍රකාශය පිළිබද හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා ට්විටර් හරහා අදහස් පලකර තිබ්‍ෙ. මෙහිදී සංගක්කාර කියා ඇත්තේ මුරලිදරන් යනු කණ්ඩායම්‍ෙ ක්‍රීඩාකල ශ්‍රී ලංකාවට ඉතා ආදරය කරන ශේෂ්ථ පුද්ගලයෙකු බවය. එමෙන්ම මුරලිට දැන් ඔහුගේ කැමැත්ත පරිදී ඕනෑම පුද්ගලයෙකු පුහුණු කිරීමට අයිතිය ඇති බවද ඹහු තවදුරටත් පවසා තිබින.
මුරලිදරන් ඕනෑම කෙනෙකුට උපදෙස දෙන්නේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දක්වන ඇල්ම නිසා බවත්.ශ්‍රී ලංකා කණ්ඩායම්‍ෙ පුහුණු කිරීම් සදහා ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කලහොත් අනිවාර්ය්‍යයෙන් මුරලි ඒ සදහා කැමති වනු ඇති බවත් තවදුරටත් සදහන් කර ඇත.
මුරලි රට වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටීමට කැමති පුද්ගලයෙකු වන බවත් ඕනෑම ක්‍රීඩකයෙකු පන්දු යැවීම් පිලිබද ඔහුගෙන් යමක් ඇසුවහොත් හැකි උපරිමයෙන් මුරලි එම පුද්ගලයාට උදව් කරන බවත් පවසා තිබින.
