Jul
28
තරුණියක් රාත්‍රී නිවසෙන් පැනගොස් පසුදින ගෙල වැලලාගනී

නිවැසියන්ට හසු නොවනා අයුරින් මෙම 17 හැවරිදි තරුණිය නිදා සිටින්නේ යැයි එත්තු ගැන්වීමට නිදාසිටින අයුරින් කොට්ටා පේලියට තබා ඇද ඇතිරිල්ලකින් වසා තිබි මෙලෙස පැනගොස් ඇත. පසුදා උදෑසන නිවසේ සිටිනා පිරිස පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර එම අවස්ථාව්‍ෙ පෙම්වතා යයි කියනා පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාදී ඇත. මියගිය තරුණියගේ මව විදෙස්ගතව සිටින අතර පියා මීට ටික කලකට ඉහතදී මියගොස් ඇත.
ඔහු පවසා ඇත්තේ එම තරුණිය ඔහු සමග රාත්‍රියේ සිටි බවත් උදෑසන නැවතත් නිවසට ගිය බවත්ය. පොලීසියේ සිට නිවැසියන් නැවත නිවසට පැමිණි අවස්ථාව්‍ෙ මෙම තරුණිය ගෙල වැලලාගෙන මියගෙස් තිබූ බවට සොයාගෙන තිබින. සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පොලීසිය පවත්වයි.