Jul
23
ජර්මනියේ ත්‍රස්තවාදීන් සාප්පු සංකීර්ණයක මිනිසුන්ට වෙඩි තබයි

ජර්මනියේ මියුනික් නගරයේ ඔලිම්පියා සාප්පු සංකීරණයේ සිදු වූ වෙඩි තැබීමකින් උණුසුම් තත්වයක් හටගෙන තිබ්‍ෙ (අද 23). මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙන් මාධ්‍යය වාර්ථා කරයි නමුත් මියගිය ගනන නිශ්චිතව පොලීසිය මෙතෙක් වාර්ථා කර නොමැත.
එම සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ මෙම වෙඩි තැබීම් පුද්ගලයන් 3 දෙනෙකු එක්වී සිදුකර බවයි. විදෙස් මාධ්‍යය ප්‍රකාශ කරන්නේ ඉන් එක් තුවක්කුකරුවෙකු හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවයි. මෙම වෙඩි තැබීම්වලින් සිවිල් වැසියන් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
පොලීසිය සැක කරන්නේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් බවටයි. මෙම තත්වය හේතුවෙන් එම ප්‍රදේශවාසීන්ට මහාමාර්ග සහ ප්‍රසිද්ධ ස්ථාන වලින් ඉවත්ව සිටින ලෙස පොලිසිය දැනුම් දීඇත.මෙවුන් සාප්පු සංකීරණයට කඩා වැදී තුවක්කුකරු ඉවක් බවක් නොමැති ව එහි සිටි පුද්ගලයින්ට වෙඩි තබා තිබේ.
මේ හේතුවෙන් නගරයේ ප්‍රවාහනයද අත්හිටුවා තිබිණි. දුම්රිය ස්ථානයේ සිටි සියලුම පිරිස් ඉන් ඉවත් කෙරිණි.
තත්වය පාලනය සදහා පොලිස් භට පිරිස් සහ හමුදා යොදවා ඇත.