Jul
23

එයාර් ඒශියා ගුවන් සේවය මගින් මංගල දර්ශණය සදහා පැකේජයක් හදුන්වා දී තිබින. මෙම පැකේජය වූයේ රසිකයන් 160 දෙනෙකුට බැංගලෝරි සිට චෙන්නායි දක්වා උදෑසන පැවැත්වෙන මංගල දර්ශණය බැලීමට සත්යම් (Satyam) සිනමා ශාලාව වෙන්කර තිබින.නමුත් පසුව ඹවුන් වෙන්කර තිබූ සිනමා ශාලාව වෙනස් කර තිබින ඒ ප්‍රසාද් ස්ටූඩියෝ (Prasad Studio) නම් චිත්‍රපට ශාලාව වෙතයි. එම අවස්ථාව්‍ෙ පැකේජ මිලටගත් රසික පිරිස හා එයාර් ඒශියා බලධාරීන් අතර නොසන්සුන් තාවයක් හටගෙන තිබ්‍ෙ.
මෙයට හේතුව වූයේ කලින් පවසා තිබූ සිනමා ශාලාවට වචා පසුව මෙම පිරිස යොමු කල සිනමා ශාලාව අඩු පහසුකම් සහිත එකක් වීමයි.මෙම අවස්ථාවට පැමිනි ප‍්‍රේක්ෂකයන් පවසා සිටියේ ප්‍රසාද් ස්ටූඩියෝ හි චිත්‍රපටය නැරඹීම නිවසේ සිට සීඩී එකක් නැරඹීම වැනි බවයි.පසුව මෙම සිද්ධිය හේතුවෙන් එයාර් ඒශියා බලධාරීන් රසිකයන් පිරිස සත්ය්‍යම් (Satyam) සිනමා ශාලාව්‍ෙ දහවල් දර්ශණ වාරය වූ 12.30 නැරඹීම සදහා ගෙන ගොස් ඇත.නමුත් රසිකයන් ඹවුන්ගේ මෙම ක්‍රියාව නිසා කබාලි චිත්‍රපටයේ පළමු දර්ශණ වාරය නැරඔීමට නොලැබීම නිසා නොසතුටෙන් පසුව්‍ෙ.
කබාලිහි ප්‍රධාන නළු රැජිනිකාන්ත් හදුන්වන්නේ දකුණු ඉන්දීය සිනමාවේ සුපර් ස්ටාර් ලෙසින්
ඊයේ තිරගතවූ මෙම චිත්‍රපටය නිසා දකුණු ඉන්දියාව්‍ෙ බොහෝ ආයතන වල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබින. එයාර් ඒශියා ගුවන් සේවය විසින් ‘කබාලි‘ මංගල දර්ශන වාරයේ පැකේජය හදුන්වා දී තිබුනේ ‘Fly like a Superstar’ ලෙසිනි මෙම විශේෂ පැකේජයේ පාරිභෝගිකයන්ට ගුවන් ගමන අතරවාරයේ දී රැජිනි කාන්ත් ගේ ප්‍රියතම ආහාරපාන පිළිගැන්වීමට ද ගුවන් සේවය කටයුතු කර ඇත.


