Jul
16
තුර්කි හමුදා කුමන්ත්‍රණය අවසන්

කෙසේ නමුත්, අන්කාරා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තත්ත්වය පිළිබඳව අවදානයෙන් සිටින බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ.
එමෙන්ම එහි සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබද තොරතුරු ලබා ගැනීමට විශේෂ දුරකථන අංකයක් ද විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළා.
0090 534 010 2105 එම දුරකථන අංකයයි.
මේ අතර, හමුදා කුමන්ත්‍රණය මධ්‍යයේ ඉස්තාන්බූල් නුවරට ගුවනින් පැමිණි ජනාධිපති අර්ඩවාන් රූපවාහිනිය ඔස්සේ සජීවි ලෙස පෙනී සිටිමින් ප්‍රකාශ කළේ මෙය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවයි.
අන්කාරා නුවර ගැටුම්වලින් පුද්ගලයන් හතලිස් දෙදෙනෙකු මිය ගිය බවත්, තුර්කි රජය සදහන් කළා.
පාලනය සැලකිය යුතු දුරකට තහවුරු කර ගැනීමට හැකි වූ බව සදහන් කළ තුර්කි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පුද්ගලයන් 130 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
කුමන්ත්‍රණකරුවන් විසින් භාවිත කරන ගුවන් යානයක් වෙඩි තබා බිම හෙලීමට අණ කළ බවත් ඔහු කියා සිටියා.
ආරක්ෂක අංශ මගින් භාවිත කළ හෙලිකොප්ටර් යානයක් අන්කාරා නුවර දී වෙඩි තබා බිම හෙලා තිබෙනවා.
කෙසේ නමුත්, හමුදා ප්‍රධානියා තවදුරටත් කැරළිකාර හමුදා කණ්ඩායම් විසින් රදවාගෙන සිටින බවයි වාර්තා වන්නේ.
ඉස්තාන්බුල් ගුවන් තොටුපළ මේ වන විට හමුදාවේ පාලනය යටතේ පවතින අතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට නියමිත බවත් විදෙස් වාර්තා සදහන් කළා.