Jul
26
අම්බලන්ගොඩදි සිසුවියගේ පෙම්වතා යැයි කියන තරුණයාත් සියදිවි නසාගනී

ඒ සැකයට ප්‍රධාන වශයෙන් හේතු වුනේ සිද්ධිය වුනු අවස්ථාවේ ඇය ළග සිටි බව කියන ඇගේ පෙම්වතා හැරයාමයි.
පෙම්වතා පැන යන අයුරුත්, තරුණිය දුම්රියේ ගැටෙන ඇයුරුත් ඒ ළග ගෙදරක තිබුණු CCTV කැමරාවක අපහැදිලිව සටහන් වී තිබුණා.
කොහොමවුනත් මේ සිද්ධියෙන් පස්සේ ඒ අදාළ තරුණියගේ පෙම්වතා නිවසින් අතුරුදන්වෙලා හිටියේ.
ඒ අභිරහස විසදුනේ ඊයේ (25) රෑ.
එසේ පැන ගිය තරුණයාගේ මළසිරුර ප්‍රදේශයෙ ළිදක තිබී ඊයේ (25) සොයාගත්තා.
වයස අවුරුදු 18ක් වන හෙට්ටිගේ සංකල්ප ප්‍රභාත් මදුරංග කියන මේ තරුණයා පදිංචිවෙලා ඉන්නේ ගාල්ල බටපොළ පැත්තේ.
ඊයේ (25) හවස 7ට විතර තමයි ප්‍රදේශවාසින් දැඩි දුගදක් ඒමත් එක්ක එයාලා හොයලා බලද්දි තමයි ලිදේ පාවෙන මේ මළසිරුර දැකලා තියෙන්නේ.
ඊට පස්සේ ඒ ගැන මීටියාගොඩ පොලීසියට දැනුම්දීලා.
පසුව මීටියාගොඩ පොලීසිය බලපිටිය මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය මීටියාගොඩ පොලීසිය විසින් කැදෙව්වා.
එතුමිය ඉදිරිපිට දී තරුණයාගේ මළසිරුර එයාගේ දෙමව්පියන් විසින් හදුනාගත්තා.
පහුගිය සෙනසුරාදා උදේ 7.45ට නිවසින් පිටත්වුනු මේ තරුණයා, පාඨමාලාවකට යනවා කියලා තමයි ගෙදරින් ගිහිල්ලා තියෙන්නේ
හවස ගෙදර ඇවිල්ලා නැහැ.
දරුවා ගෙදර ආවේ නැති නිසා මව පොලීසියට පැමිණිලි කරලත් තියෙනවා කියලයි අනාවරණය වෙන්නේ.