Jul
26
සම්පූර්ණ සුර්ය්‍ය බලයෙන් ලොව වටා ගමන් කල ලෝක වාර්ථාව තබමින් සෝලාර් ඉම්පල්ස් 2 (Solar impulse 2) ගුවන් යානය අද (26) උදෑසන අබු-ඩාබි ගුවන්තොටුපලට සාර්ථක ගුවන් ගමනකින් පසුව ලගාවිය.
මෙම ගුවන් ගමනේ අවසන් අධියර ලෙසවූ ඊජිප්තු කයිරෝ නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වා පියාසර කටයුතු හසුරවා ඇත්තේ බර්ට්‍රනාඩ් පිකාඩ් (bertrand piccard) නම් ගුවන් නියමුවා විසිනි. මෙම පර්යේෂණ ගුවන් ගමන ආරම්භ කර ඇත්තේ 2015 මාර්තු මාසයේදී වන අතර ගමනාන්තයට ලගාව ඇත්තේ 2016 ජූලි මස 26 වනදායි එනම් වසරක් හා මාස 4ක් මෙම යානය පුනර්ජනනීය සූර්ය්‍ය බලශක්තිය පමණක් යොදාගෙන ලෝකය වටා ගමන්ගෙන ඇත.
මෙම ගුවන් ගමන අධියර 17කින් සිදුවිය එහිදී සෝලාර් ඉම්පල්ස් යානය කිලෝමීටර 42000ක් දුර ගමන් කර ඇත එනම් මහද්වීප 4ක් මුහුදු 3ක් හා සමුද්‍රයන් 2ක් හරහා ගමන් කර ඇත.
මෙම ගමනේ දීර්ඝතම අදියර කිලෝමීටර් 8,924ක් ලෙස සටහන් වූ අතර, එය ජපානයේ නගෝයා සිට ඇමෙරිකාවේ හවායි දක්වා වූ අදියරයි. මේ අදියර පායාසරමින් බෝෂ්බර්ග් දීර්ඝතම ගුවන් පියාසැරියකට හිමි ලෝක වාර්තාවකටද උරුමක් කීය.