Jul
28
ලක්ෂ 25ක සහල් ලොරි කොල්ලකරුවන් හසුව්‍ෙ

අද මහව ප්‍රදේශයේදී පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සහල් ලොරියක් හා මුදල් මංකොල්ලකෑම් පිළිබද සැකපිටයි. මෙම සිද්ධිය සිදුව ඇත්තේ පසුගිය 26 වනදා මහව ප්‍රදේශයේදීයි.
මෙම පිරිස එහිදී රුපියල් විසි දෙලක්ෂයක් වටිනා සහල් ගෝනි 345ක් හා ලොරි රථයේ තිබූ මුදල් සියල්ල මංකොල්ල කා ඇත. මහව පොලීසියට ලද තොරතුරු මත කල වැටලීම්‍ෙදී මෙම පිරිස අද (28) අත්අඩංගුවට ගෙන තිබ්‍ෙ. මෙම සැකකරුවන් ලග තිබී මංකොල්ල කෑ සහල් තොගය හා ලොරි රථය සොයාගෙන ඇත.
කොල්ලකෑමට සම්බන්ධ පුද්ගලයන් මහව හා අඹන්පොළ ප්‍රදේශ වල පදිංචි වයස 41,32,27,24 වල අය වන අතර මොවුන් අධිකරණයට ඉදිරිපති කිරීමෙන් අනතුරුව ලබන 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.