Jun
22
රන්ජන් - මහින්දානන්ද ලොබි බොක්සිං නූලෙන් කට් වෙයි
දෙදෙනා අතර ඇතිවූ මෙම ගැටුම ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වීමට යද්දී අනුර කුමාර දිසානායක, කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරුන් මැදිහත්ව සමථයකට පත්කරන ලද්දේය.
පාර්ලිමේන්තු කටයුතු ඊයේ සවස ආරම්භ වූ පසුව පස්වරු 3.00 ට පමණ පාර්ලිමේන්තුවේ දෙවැනි මහලේ කථානායක කාර්යාලයත් සභා ගැබට මන්ත්‍රීවරුන් පිවිසෙන දොරටුවත් අතර ඇති ලොබියේදී නියෝජ්‍ය ඇමැතිවරයා සහ මන්ත්‍රීවරයා මෙසේ එකිනෙකා තල්ලු කර ගනිමින් ගැටුමක් ඇතිකර ගැනීමට උත්සාහ කර ඇත.
මෙම ගැටුමට මුල් වූයේ වචන හුවමාරුවක් බව එම අවස්ථාවේ එම ස්ථානයේ සිටි මන්ත්‍රීවරයෙක් මාධ්‍යයට ප්‍රකාශ කළේය.
ඔයා තමයි ඔක්කොම කුණු අදින්නේ රන්ජන් රාමනායක දුටු වහාම අලුත්ගමගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.
ඔයාගේ නෝනා තමයි මට මේ ඔක්කොම කුණු දෙන්නේ රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා ද පිළිතුරු දී තිබේ.
චිත්‍රපටිවල පාට් මෙතන බෑ.. අලුත්ගමගේ මන්ත්‍රීවරයා කියද්දී චිත්‍රපටිවල වගේ මට ගහගන්නත් පුළුවන් යෑයි රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා ද ප්‍රකාශ කළ බව සිද්ධිය ඇසින් දුටු මන්ත්‍රීවරයෙක් කීවේය.
පසුව දෙදෙනාම එකිනෙකා තල්ලු කර ගනිමින් පහර එල්ල කර ගැනීමට තැත් කරද්දී කුමාර වෙල්ගම, අනුර කුමාර දිසානායක සහ රංජිත් සොයිසා යන මන්ත්‍රීවරු මැදිහත්ව තත්ත්වය සමනය කර තිබේ. මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් කිහිපදෙනකු ද එම ස්ථානයේ සිට ඇත.
මේ පිළිබඳව අනුර කුමාර දිසානායක සහ රංජිත් සොයිසා යන මන්ත්‍රීවරුන්ගෙන් විමසා සිටියෙමු. රන්ජන් රාමනායක සහ මහින්දානන්ද අලුත්ගමගේ යන දෙදෙනා අතර ගැටුම ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග යැමට ගිය බව එම මන්ත්‍රීවරු දෙදෙනාද තහවුරු කළහ.
අප මේ පිළිබඳව රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් ද ඇසුවෙමු.
ඔව්... අපි අතර බහින්බස් වීමක් සිද්ධවුණා. දෙන්නට දෙන්නා තල්ලු කරගත්තා. අපි ගහගන්න ගියා යෑයි රාමනායක මහතා කීවේය.