Jun
29
කටුනායක CCTV කැමරා නිසා ආගමන හා විගමන නිලධාරීන් වැඩ වර්ජනයක

කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ ආගමන හා විගමන නිලධාරීන් ඊයේ (28) දින දහවල් පැය කිහිපයක් වැඩවර්ජනයක නිරතවී තිබුණා.
ඊට හේතුව වුයේ ගුවන්තොටුපොළේ ආගමන විගමන නිලධාරීන්ගේ කාර්යාලවල සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවි කිරීමයි. කිසිදු දැනුම් දීමකින් තොරව එම කැමරා පද්ධතිය සවි කිරීමට එරෙහිව මෙම වැඩවර්ජනය ආරම්භ කළ බවයි එම නිලධාරීන් ප‍්‍රකාශ කර තිබුණේ. මේ හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ ගුවන් ගමන් වාර කිහිපයක් ප‍්‍රමාද වී තිබුණා.