Jun
08
යලි ඇමති ධුරවල දිවුරුම් දීම් නෑ ජනාධිපති කියයි
නැවත කිසිදු ඇමතිවරයෙක් දිවුරුම් දීම් කිසිවක් සිදු නොවන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද පැවති විශේෂ කැබිනට් මණ්ඩල හමුව අවසානයේ සදහන් කර තිබේ.
කැබිනට් මණ්ඩල හමුවෙන් පසුව ඇමතිවරුන් සිවු දෙනෙකු දිවුරුම් දීම ගැන එජාපය විසින් සිහිපත් කල අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත.
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු 05ක් විභාග වෙමින් තිබියදී නීති විරෝධීව කටයුතු කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම අත්හිටුවන තෙක් තමන් කැබිනට් මණ්ඩලය නොකැදවන බවත් රාජ්‍ය මට්ටමේ කිසිදු කටයුත්තකට සහභාගී නොවන බවටත් ජනාධිපතිවරයා එහීද පවසා තිබින.
ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික ඇමතිවරුන් 08 දෙනා මසකට පසු නැවතත් ඇමති ධුරවල දිවුරුම් දීමද ඒ අනුව සිදු නොකෙරෙනු ඇති බව ජනාධිපති කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් සදහන් කලේය.