Mar 13

කඩේ නොයා ගෙදර ඉඳන් Reload දාන ගමන් Points වලින් තෑඟි දිනනන් පට්ටම APP එකක් දැන් ලංකාව අපිට

ශ්‍රී ලංකාවේ Mobile APP අතර පෙරළිකාර වෙනසක් සිදුකරන්නට සූදානම් වන PayMaster APP එක මේ වන විට හඳුන්වා දී තිබෙනවා. PayMaster Solutions (Pvt) Ltd විසින් මෙය ඔබ වෙත රැගෙන එන අතර ඒ තුළින් කිසිදු අමතර ගාස්තුවකින් තොරව ලංකාවේ ඕනෑම ජාලයක් සඳහා රීලෝඩ් කිරීමේ පහසුව හිමි වනවා. එමෙන්ම බිල්පත් ගෙවීමේ හැකියාවද මෙම PayMaster APP එක තුළින් ඔබට හඳුන්වා දී තිබෙනවා.


මුදල් රහිත ගණුදෙනු (Cashless Society) සිදුකරමින් Digital පෙරළියකට ලෝකයම ගමන් කරන මේ අවස්ථාවේදී ලාංකීය Digital අවකාශයට හඳුන්වා දෙන PayMaster APP එක මඟින් වඩාත් කාර්යක‍්ෂමව මෙන්ම සුරක්ෂිතව ඔබගේ ගණුදෙනු ඉටු කිරීමේ හැකියාව පවතිනවා.

ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා තුනෙන්ම ක්‍රියාත්මක මෙම APP එක ප්‍රධාන වශයෙන්ම පාරිභෝගික පහසුව ඉලක්ක කරගෙන නිර්මාණය කර තිබෙන අතර, භාවිතයට ඉතා පහසු APP එකක් වශයෙන් හඳුන්වා දෙන්නටද පුළුවනි. පරිශීලකයින්ට පහසුවන අයුරින් නිර්මාණයවී තිබෙන මෙම APP එක තුළ ඔබේ තොරතුරු සම්බන්ධයෙන් විශේෂ ආරක‍්ෂාවක් ලබා දෙන ආකාරයට නිර්මාණය කර ඇති බවද පැවසිය යුතුමයි.

ඔබේ Visa, Master කාඩ්පත් සමඟින් PayMaster App එක හරහා ගෙවීම් සිදුකිරීමේදී එම කාඩ්පත් අංකවල රහස්‍යභාවය සම්බන්ධයෙන් PayMaster වගකියනු ලබයි. ලෝකය භාවිතා වන නවීනතම තාක්ෂණය PayMaster App එක හා මුසුව ඇති නිසාවෙන් ඔබගේ කිසිදු Credit හෝ Debit කාඩ්පතක දත්ත ඔවුන්ගේ APP තුල ගබඩාකර නොගැනීමද මෙහිදී විශේෂයෙන් පෙන්වා දිය යුතුය. මෙය බලගැන්වෙන්නේ MasterCard හා Commercial බැංකුවෙන් වීමමද එහි ඇති සුරක්ෂිතභාවයේ උසස් ප්‍රමිතිය පිළිබඳව ඔබට තවත් විශ්වාසය වැඩි කරනු ඇත.

ඔබේ ජංගම දුරකථනයට මෙන්ම මිතුර මිතුරියන්ගේ දුරකථනවලට Reload කිරීමේ පහසුව PayMaster APP එක මඟින් ඔබට ලැබෙන අතර ඕනෑම Network එකක දුරකථන අංකයකට මේ තුළින් Reload කිරීමේ පහසුව ලබාදී තිබේ.

සාම්ප්‍රදායික බිල් පත් ගෙවීම් ක්‍රමයෙන් ඔබ්බට ගිය, මේ PayMaster App එකේ ඇති ආකර්ෂණීය බව වගේම පාරිභෝගිකයන්ට හිමිවන සුවිශේෂී ප්‍රතිලාභයන්ද නිසා පාරිභෝගිකයන් වැඩි වශයෙන් මෙය භාවිත කිරීමට යොමුවීමේ ප්‍රවණතාවක් මේ වන විටත් ඇතිව තිබේ. එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙම APP එක තුල කිසිදු සැඟවුණු ගාස්තුවක් නොමැතිවීමත් ඉහළ විනිවිද භාවයකින් යුතුව මෙය නිර්මාණය කර තිබීමත්ය.

PayMaster APP එක මඟින් Reload හා බිල් ගෙවීම් සිදුකරන අවස්ථාවල ඔබට Free Points දිනා ගැනීමේ අවස්ථාව හිමිවන අතර එම Point තුලින් ඔබට නැවතත් එය මුදල් බවට හරවා Reload කරගැනීමේ හෝ බිල්පත් ගෙවීමේ අවස්ථාව හිමිවේ. එමෙන්ම හඳුන්වාදෙන Daily Rewards තුළින් ඔබට තවත් වාසි රැසක් ලබාගැනීමේ අවස්ථාවද හිමිවේ.

එමෙන්ම ඔබගේ මිතුරෙකු APP එකට Invite කරන විටද ඔබට Points හිමිවන අතරම ඔවුන් APP එක හරහා කරන ගණුදෙනු සඳහාද ඔබට Points හිමිවීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

ශ්‍රී ලාංකිකයන් තුළ ඇති තාක‍්ෂණික හැකියාව මනාව හඳුනාගත් PayMaster Solutions (Pvt) Ltd සමාගම ඒ හරහා ළගා කරගත හැකි වෙළඳපොළ පිළිබඳවද හොඳින් අවබෝධකර ගනිමින් වඩාත් ප්‍රබල තාක‍්ෂණික ක්‍රමවේදයක් ලෙස PayMaster ඔබට හඳුන්වා දී තිබේ. මෙම PayMaster APP එක නිර්මාණය කොට ඇත්තේ ඉහළම අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලවයි.

PayMaster Solutions කණ්ඩායම තාක‍්ෂණික මෙන්ම මූල්‍ය ක්ෂේත්‍රයන්හි ද ප්‍රවීණ වෘත්තීයවේදීන් රැසකගෙන් සමන්විත වන අතර මීට පෙරද මෙවැනි සුවිශේෂී වෘත්තීය අත්දැකීම් ලබා ඇති පිරිසකි. වෙළඳපොළ ගැන මනා අවබෝධයකින් හා තාක‍්ෂණික සහ වෙළඳපොළ උපායමාර්ග සම්බන්ධයෙන් ද හසල දැනුමකින් පිරි මෙම කණ්ඩායම ශ්‍රී ලාංකික වෙළඳපොළ තුළ ඩිජිටල් ගෙවුම් විප්ලවයක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානයකින් කටයුතු කරන පිරිසක් ද වේ.

ඉදිරියේදී ලංකාව පුරා Digital අවකාශයේ ගණුදෙනු සිදුකරන ජනප්‍රියතම APP එක ලෙසින් ඉහළින්ම වැජඹෙන්නට PayMaster මේ වන විටත් සුදුසුකම් සපුරා ඇති බව කිය යුත්තේ ඉතාමත් සතුටු සිතින්ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.