Jul
16
බිලියන 3.5 ක් වටිනා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම 17 වෙනිදා
මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ලබන 17 වන සඳුදා පෙරවරු 10.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
පැවැති මාධ්‍ය හමුවකදී මේ බව හෙළිකරන ලද්දේ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා විසිනි.
ඉන්පසු භාරකාර මණ්ඩලයක් යටතේ ශික්ෂණ රෝහලක් ලෙස පවත්වා ගෙන යන මෙහි සේවාවන් මුදල් ලබා ගැනීමේ පදනම යටතේ මෙන්ම නොමිලේද ලබාදීමට නියමිතය.
නෙවිල් ප්‍රනාන්දු රෝහලෙ වටිනා කම රුපියල් බිලියන 3.5 ක්. ඉදිකිරිමේදී ලංකා බැංකුවෙන් ගත්ත ණය තව බිලියන 1.5 පමණ ගෙවන්න වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා බාරගෙන තිබෙනවා. ඒ නිසා එම රුපියල් බිලියන 3.5 ක් වටිනා රෝහල සම්පුර්ණයෙන්ම රජයට ලැබෙන ප්‍රදානයක්. රජයට තියෙන්නේ ජපානයෙන් ප්‍රදානයක් ලෙස ලැබුණ ශ්‍රී ජයවර්ධනපුර රෝහල වගේ මේ රෝහල රජයේ ශික්ෂණ රෝහලක් ලෙස නඩත්තු කිරීම පමණයි. මේ ප්‍රදානය පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයක් රටේ බිහිවීම නිසා නිදහස් සෞඛ්‍යට ලැබුණු විශාල ප්‍රතිලාභයක්.