Jun 25

වෙබ්සයිට්‌ තමන්ගේ බඩගෝස්‌තරය හොයාගන්නයි ඔය සේරම කරන්නේ

නිරෝෂා විරාජනී ගැන මේ දිනවල අන්තර්ජාලයේ වගේම සමාජ වෙබ් අඩවිවල හරි හරියට කතාබහවෙනවා. ඇත්තටම නිරෝෂාට මේ වගේ මඩගැසීම් සිද්ධවෙන්නේ ඇයි. ක්‍ෂේත්‍රයේ තරහකාරයෝවත් ඉන්නවාද?. ඒ ගැන නිරෝෂාගෙන්ම අහලා බලමු.


නිරෝෂා මොකද වෙන්නේ ?

මේ දවස්‌වල විශේෂ වැඩකට කියලා තියෙන්නේ මම ඉන්න ගෙදර අලුත්වැඩියා කටයුතු කිහිපයක්‌ සිද්ධවෙනවා. මොකද හේතුව මම මේ විකුණන්න බලාගෙන තමයි ඒ ටික කරන්නේ.

ඇයි මේ ගේ හදිසියේ විකුණන්න හැදුවේ ?

මම ටිකක්‌ කොළඹට කිට්‌ටුවට එන්න හිතුවා. මේ වෙනකොට තැනක්‌ එහෙම බලලා අරගෙන තියෙන්නේ. ඉතිං ඒකේ ගේ හදන්න අපිට එහෙමට ලොකු සල්ලියක්‌ නැහැනේ. මේ ගේ විකුණලා ඒක හදනවා. මොකද මට ගෙවල් දෙකක්‌ වැඩක්‌ නැහැනේ.

පහුගිය කාලේ ආපු ප්‍රශ්න හින්දාද ගේ විකුණන්න හිතුවේ ?

අනේ එහෙම දෙයක්‌ නැහැ. මට ඇත්තටම කොළඹ කිට්‌ටුවට එන්න ඕනෑකමක්‌ තියෙනවා.

ඇයි ඒ ?

ප්‍රසංග වේදිකාවලට සම්බන්ධවෙන්නේ නැහැනේ. මං ඇත්තටම ගෘහස්‌ථ ප්‍රසංගවලට විතරනේ යන්නේ. ඒ නිසා කොළඹට කිට්‌ටුවට ආවහම මට පොඩි පහසුවක්‌ තියෙනවා.

කොළඹ හිටියහම සංගීත වැඩකටයුතුවලට පොඩි වාසියක්‌ තියෙනවා. එහෙමද?

මම හිතන්නේ ඔව්. මගේ වැඩකටයුතු එක්‌ක ඇත්තටම කොළඹ හිටියොත් පහසුයි.

නිරෝෂා ගැන මේ දිනවල අන්තර්ජාලයේ හරියට කතාබහට ලක්‌වෙනවා?

ඒවා නම් ඇත්තටම මිනිස්‌සු තමන්ගේ බඩගෝස්‌තරය හොයාගන්න කරන මහපහත් වැඩ විදිහටයි මම දකින්නේ. එතැන එකක්‌වත් සත්‍ය තොරතුරක්‌ නැහැ. මගේ පරණ දේවල් අලුත් කර කර දාලා මිනිස්‌සුන්ගේ කුතුහලය ඇවිස්‌සීමනේ කරන්න හදන්නේ. වෙබ්සයිඩ් තමන්ගේ බඩගෝස්‌තරය හොයාගන්න තමයි ඔය සේරම කරන්නේ. ඒවා ඉතිං මට නවත්වන්න පුළුවන්දෙයක්‌ නෙමෙයි. ඒවායේ ඇත්ත නැත්ත දන්න මිනිස්‌සු දන්නවා. මට කිසි ප්‍රශ්නයක්‌ නැහැ. මම ඔය කිසිදෙයකට සම්බන්ධවෙලා නැහැ. කිසිමදෙයක්‌ දන්නෙත් නැහැ. ඒ ගැන මම කිසිම දෙයක්‌ ප්‍රකාශ කරන්නේ නැහැ.

මේ ප්‍රශ්න හින්දා ඔබ සැලෙනවාද?

අපේ රටේ මිනිස්‌සු පුරුදුවෙලා ඉන්නේ කාගේ හෝ චරිතයක්‌ ඝාතනය කරලා තමන්ගේ බඩගෝස්‌තරය හොයාගන්න. ඒකනම් ඒ ගොල්ලන්ගේ පරමාර්ථය ඒ අනුව ඔවුන් වැඩකරනවා.

නීත්‍යානුකූලව කටයුතු කළා නම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද?

අපේ රටේ ජනාධිපති තමයි මුලින්ම නීත්‍යානුකූලව කටයුතු කරන්න ඕනෑ. දේශපාලනඥයන් සම්බන්ධයෙන් මොනතරම් මඩගැසීම් සිදුවෙනවාද?. ඉතිං එහෙනම් මංවගේ කලාකාරිණියක්‌ ගැන තව මොන කතාද?. විදෙස්‌රටවල වගේ අන්තර්ජාලය නතර කරන්න ඕනෑ. මිනිස්‌සුන්ගේ ජීවිත වවාගෙන කන්න නින්දිත කොටසක්‌ මේ රටේ ඉන්නවා. මිනිස්‌සුන්ගේ මනස දියුණුවෙලා නැහැ. බොහොම පහත් තැනක තියෙන්නේ.

මේ වගේ දේවල් කරන්නේ ඔබේ ඉදිරි ගමන වළක්‌වන්නද?

ක්‍ෂේත්‍රයේ තරහකාරයෝ ගැන මම දන්නේ නැහැ. මගේ ජීවිතයේ මම තරහකාරයෝ ඇතිකරගත්තු කෙනෙක්‌ නෙමෙයි. ඉතිං මොකක්‌ හෝ නිසා මගේ නම ඈඳලා කතා කරනවා නම් මට ඒකට උත්තර දෙන්න තේරෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ සිතුවිලි ගැන කියන්න දන්නේ නැහැ. ඇයි එහෙම කරන්නේ කියලා.

අන්තර්ජාලයේ මොන මඩගැසීම් සිදුකළත් ඔබේ හඬට කාටවත් ගහන්න බැහැ. ඒකනේ ඇත්ත?

හඬට ගහන්න කෙසේ වෙතත් අපි කලාව හරහා ජීවිතයේ ගොඩනගාගත් දේවල් තියෙනවා. ඉතිං සමහරවෙලාවට ඒවා දරාගන්න බැරි උදවිය මේ වගේ පහත් වැඩකරනවා. මම දන්නේ නැහැ ඇයි මේ වගේ දේවල් කරන්නේ කියලා. මම කාටවත් වැරැද්දක්‌ කරලා නැහැ. සාමාන්‍ය මිනිස්‌සු ඒකට අදහස්‌ ප්‍රකාශ කරලා තියෙනවා හරියට මම ඔවුන්ට වැරැද්දක්‌ කරපු කෙනෙක්‌ විදිහට. මේ රටේ ඕනෑතරම් මගේ ගීතවලට අකමැති මිනිස්‌සු ඉන්න පුළුවන්. හැබැයි ගීතවලට අකමැතියි කියලා සාමාන්‍ය ජීවිතයට මඩගැසීම් කරලා හරියන්නේ නැහැ. කවුරුත් මේ ලෝකේ වැරදි කරන මිනිස්‌සු නැහැ. අනෙක්‌ එක කාටවත් ගලක්‌ ගහන්න බැහැ තමන් නිවැරදියි කියලා.

ඒ කියන්නේ වීදුරුගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා කියන එකද?

සියලුදෙනාම වීදුරු ගෙවල්වල ඉඳලා තමයි ගල්ගහන්නේ. මම නිරෝෂා විරාජනී වෙච්ච නිසා තළුමර මර සමහරු ඒක රසවිඳිනවා.

ඔබේ හඬට ආදරය කරන මිනිස්‌සු පිරිසක්‌ මේ රටේ ඉන්නවා නේද?

ඒක මම උප්පත්තියෙන් ගෙනආපු දෙයක්‌. ඒවා කාලයත් එක්‌ක වැඩිදියුණුකරගත්තා. ක්‍ෂේත්‍රයේ දී මගේ ජීවිතයේ ඇතිවුණ ස්‌ථාවරය කිසිම කෙනෙකුට වෙනස්‌ කරන්න බැහැ කියලා මට හිතෙනවා.

සිනමාවේ අලුත් දෙයක්‌ කළේ නැතිද?

ටෙලිනාට්‍ය සහ සිනමා නිර්මාණ කිහිපයකට සම්බන්ධවුණා. ඉතිං ඒවා ඉදිරියේදී විකාශනය වේවි. ගිය වසරේ වැඩිපුර සම්මාන ලබාගත් ගායිකාව බවට පත්වුණේ මම. ඇත්තටම මට ඒ ගැන තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්‌. ඒ සම්මාන සියල්ලට සියලුදෙනාගේම සහයෝගය ලැබුණා.

නිරෝෂාට ගෘහස්‌ථ ප්‍රසංගවලින් අඩුවක්‌ නැහැ ?

ඇත්තටම ඔව්. ඒ හින්දා මගේ තනි ප්‍රසංගයක්‌ දැන්ම කරන්න වුවමනාවක්‌ නැහැ.

දිනේෂ් විතාන
මුලාශ්‍ර - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.