Apr 22

කැබිනට් මාරුව සිදු කලොත් සම්මුතිය ආණ්ඩුව අවසන් බවට රතු එලියක් ??

ජනාධිපතිවරයා පසුගිය කාලයේදි මුණ ගැසුණු සෑම පාර්ශ්වයක් සමඟම පැවසුවේ ඉදිරි දින කිහිපය තුල රජයේ විශාල වෙනස්කම් කිහිපයක්ම සිදු කරන බවයි. මේ ආකාරයෙන් පසුගිය මාස 3 ක් වෙලේ සිට එසේ පැවසු ජනාධිපතිවරයා පසුගිය පෙබරවාරි මාසයේදී හම්බන්තොට පැවති උත්සවයක් අමතා පැහැදිලිවම ප්‍රකාශ කර සිටියේ ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඉදිරි දින කිහිපය තුල මුලු රටටම වැඩකල හැකි මීට වඩා වැඩි වගකීමක් සහිත තනතුරක් ලබාදෙන බවයි.


මේ සතියේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානින් මුණගැසී ජනාධිපතිවරයා පැවසුවේ ලබන වෙසක් පෝයට කලින් ආණ්ඩුවේ තනතුරු ගනනාවක වෙනසක් සිදු වන බවයි.

එහෙත් එජාපයේ අභ්‍යන්තර ආරංචි මාර්ගයක් සඳහන් කරනුයේ ජනාධිපතිවරයාගේ මේ අදහස් සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා දැඩි ප්‍රතිචාරයක් මේ වනවිට දක්වා ඇති බවයි.

තවද ජනාධිපතිවරයාගේ මැදිහත් වීමක් මත ලේක්හවුස් ආයතනයට නව සභාපති ඇතුළු අධ්‍යක්ෂවරුන් පත් කිරීමට ගත් උත්සහය අනුව එහි වර්තමාන සභාපති අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහෝදරයකු වන කාවන් රත්නායක මේ වනවිටත් එම තනතුරින් ඉවත් වීමට තීරණය කොට ඇති බැව් අගමැතිවරයා වෙත දැනුම් දී ඇත.

මේ සියලු කටයුතු සම්බන්ධව ඉතා උපායශීලීව මෙන්ම දැඩිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය තීරණයන් මේ වනවිටත් එජාපය තුල අරගනිමින් සිටින අගමැතිවරයා අවශ්‍ය අවස්ථාවේදි නිසියාකාරව ප්‍රතිචාර දක්වනු ඇතයි වාර්තා වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.