Apr 07

තුන්මාසයක් උදුන රත්කල ජනපතිට අගමැතිට ස්තුතියි (video)

දින 87ක් තිස්සේ රක්‍ෂිත බන්ධනාගාරගත ගත කර සිටි ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද දිනයේ ඇප මත නිදහස් කර තිබේ.

මන්ත‍්‍රීවරයා ඇප මත නිදහස් කර ඇත්තේ රුපියල් පනස්දහසක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. එක් ශරීර ඇපයක් පවුලේ ඥාතියෙකු විය යුතු බවටද නියෝග කර ඇත.


තම දියණියගේ අසනීප තත්වය හා මේ වසරේ සාමාන්‍යපොල විභාගයට පෙනී සිටීමට නියමිත යයි අධිකරණයට ඉදිරිපත් වූ සුවිශේෂී කරුණු සලකමින් මෙසේ ඇප ලබා දී ඇත.

මන්ත‍්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර විදෙස් ගමන් බලපත‍්‍රය අධිකරණ භාරයට ගෙන ඇත.

කොලඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින මන්ත‍්‍රීවරයා ගිලන් රථයෙන් අධිකරණයට පැමිණ ඇති අතර ඇප ලබා දීමෙන් පසු නැවත වතාවක් රෝහල බලා ගියේය.

අධිකරණයේ ඇප ලබා දීමේදී දේශපාලන බලපෑම් සිදුවන්නේ යයි පවසමින් මන්ත‍්‍රීවරයා උපවාසයකද නිරත වු අතර මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම මත පසුව එය නතර කරන ලදී.

රජයේ වාහන අවභාවිතයට අනුබල දුන්නේ යයි මන්ත‍්‍රීවරයා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජනවාරි 10 වන දිනයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.