Feb 07

වෙලාව ආවාම ඔක්‌කොම කියන්නම් හේමාල්ට අකමැතිවෙන්න හේතුවක්‌ නැහැ

මාතලේ සිට ඇය කොළොම්තොටට පිය නගන්නේ දහසක්‌ බලාපොරොත්තු සිතේ ගුලිකරගෙනයි. නිරූපණ ශිල්පිණියක ලෙස කලාලොවේ මංපෙත් විවරකරගන්නා ඇයගේ එකම සිහිනය වන්නේ කෙදිනක හෝ මෙරට දක්‍ෂ, ජනප්‍රිය නිළියකවීමටයි. එහෙත් එම අරමුණ කරා යැම ඇය සිතන තරම් ලෙහෙසි නැත. එය කටු කොහොලින් පිරි මගක ගමන් කිරීමක්‌ බඳුවිය. එහෙත් සිත දැඩිකරගත් ඇය කෙසේ හෝ තම අරමුණ කරා යැමට අදිටන් කරගත්තාය.
 
කලක්‌ ගතවෙද්දී ඇය එහි ප්‍රතිඵල අත්වි`දිමින් සිටින්නීය. නමින් තරු බෝගොඩ වන ඇය සමගයි මේ පිළිසඳර.

ඉතිං කොහොමද?

හුඟාක්‌ හොඳින් ඉන්නවා. අලුත් ටෙලිනාට්‍යයක වැඩකළා.

මොකක්‌ද ඔය කියන ටෙලිනාට්‍ය?

සසර වස්‌සානේ. සතියේ දවස්‌ පහේම දෙරණ නාලිකාවෙන් දැකබලාගන්න පුළුවන්.

සසර වස්‌සානේ පළමු ටෙලිනාට්‍යයද?

නැහැ. මීට පෙර මම ටෙලිනාට්‍ය දෙක තුනක විතර රඟපාලා තියෙනවා. ඒවගේම ලකී ඩයස්‌ මහත්මයාගේ චිත්‍රපටයකටත් සම්බන්ධවුණා.

සසර වස්‌සානේ දේදුනු ගැනත් කතා කරමු නේද?

දේදුනු කියන්නේ ඇමැතිවරයෙකුගේ දුවක්‌. දේදුනු මගේ කලා ජීවිතය වෙනස්‌ කරපු චරිතයක්‌. ඒ ගැන මම ඇත්තටම සතුටුවෙනවා.

දේදුනුට මගතොටේදී ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?

ගොඩක්‌ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන කියන්න වචන නැහැ.

දැන් ඉස්‌සරට වඩා හිතට අරගෙන කියන්නේ ඇත්තද?

මම ආඩම්බරකාර චරිතයක්‌ නෙමෙයි. මොනදේ ලැබුණත් මම කවදාවත් වෙනස්‌ වෙන කෙනෙක්‌ නෙමෙයි.

මේ ආපු ගමනේදී ඔබට වැඩිපුර උදව් කරපු අයද ඉන්නෙ කකුලෙන් ඇදපු අයද ඉන්නේ ?

උදව් කළ අයට වඩා කකුලෙන් ඇදපු අය තමයි වැඩිපුර ඉන්නේ. ඒ අයට කියන්න තියෙන්නේ නිකං නිස්‌ කාරණේ කාලේ නාස්‌ති කරගන්න එපා කියලා. මොකද කවුරු මොනවා කිව්වත් මම යන ගමන කාටවත් නවත්වන්න බැහැ.

පසුගිය කාලේදී ඔබ ගංවතුරින් අනාථවුණ ළමයින්ව පෙන්නල සල්ලි වංචාකළා කියලා චෝදනාවක්‌ ආවා නේද?

ඒක සම්පූර්ණ අසත්‍ය චෝදනාවක්‌. මම කවදාවත් අහිංසක මිනිස්‌සුන්ගේ දේවල් ගන්නේ නැහැ. ඒක මගෙත් එක්‌ක තිබුණ පෞද්ගලික තරහක්‌ පිරිමහන්න කරපු දෙයක්‌. මාව නැත්තට නැතිකරන්න ගත්ත උත්සාහයක්‌. අන්තිමේ ඒ වැඩේ පුස්‌සක්‌ වුණා. සත්‍ය ජයගත්තා.

ඔබ නිදොස්‌ නම් ඇයි නීතිමය පියවර ගත්තෙ නැත්තේ ?

මම නීතිමය පියවර අරගෙන තියෙන්නේ. ඔය ප්‍රශ්න ඇති කළ පුද්ගලයා මාව විවාහකර ගන්න පස්‌සෙන් ආවා. ඒකට මම අකමැති වුණ නිසා තමයි මට ඒ විදිහට මඩගහන්න පටන්ගත්තේ.

මොකක්‌ද මේ හේමාල් එක්‌ක තිබුණ ඇයි හොඳයි කතාව ?

හේමාල් අයියා එක්‌ක එහෙම ඇයි හොදයියක්‌ තිබුණේ නැහැ. එයා එක්‌ක චිත්‍රපටයක්‌ රඟපෑවා.

හේමාල් කැමැති වුණාද ඔයත් එක්‌ක රඟපාන්න?

එයා මොකටද අකමැති වෙන්නේ. හේමාලුයි මමයි එකම ගම්පළාතේ. පාසල් යන කාලේ උදේ හවස මම එයාව දැකලා තියෙනවා. ඒක නිසා අපි අතර දැන හැඳුනුම්කමක්‌ තිබුණා.

හේමාල් කියන්නේ දක්‍ෂ නළුවෙක්‌, නර්තන ශිල්පියෙක්‌. නිරූපණය ශිල්පියෙක්‌. තරුට බයක්‌ සැකක්‌ දැණුනේ නැද්ද ඔහුත් එක්‌ක රඟපාන්න?

මොකටද මම බයවෙන්නේ. මම අද වෙනතුරු වැඩකරලා තියෙන්නේ මේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෝ එක්‌ක. ඒක නිසා මට හොඳ අත්දැකීම් තියෙනවා. හැබැයි හේමාල් අයියා එක්‌ක රඟපාන්න ලැබුණ එකත් ලොකු අවස්‌ථාවක්‌.

කවදාද ඔය කියන චිත්‍රපටය තිරගත වෙන්නේ ?

තව මාස කිහිපයක්‌ ගතවෙයි.

කසාද බඳින්නත් කල වයස හරි නේද?

ඒකත් මේ වගේම නියම වෙලාවට සිද්ධවේවි.

පෙම්වතා ගැනත් කියමු නේද?

ඒ ගැන මොකුත් කතා කරන්න මම කැමැති නැහැ.

ඇයි ඒ ?

ඒක මගේ පෞද්ගලික තීරණයක්‌. වෙලාව ආවහම සේරම කියන්නම්.

මොනවාද ඉදිරි වැඩකටයුතු ?

අලුත් නිර්මාණ කිහිපයකටම ඉදිරියේදී සම්බන්ධවෙන්න තියෙනවා.

ගම දාල කොළඹට එන්න අදහසක්‌ නැත්ද?

ගම දාලා කොළඹ එනවාට වඩා වෙන රටකට පදිංචියකට යන්නත් හිතෙනවා. හැබැයි එහෙම තීරණයක්‌ ගන්න කලින් මගේ ලොකු සිහිනයක්‌ තියෙනවා සැබෑ කරගන්න.

මොකක්‌ද ඔය කියන සිහිනය ?

ලංකාවේ හොඳම නිළිය වෙන්න.

ගයාන් සමරසිංහ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.