Feb 05

මම පූර්ණිකාගෙන් වෙන් වුණේ එයාගෙ තනි වුවමනාවට

සහන් අබේසේකර කියන නම කෙනෙක්ගේ මතකයට එකපාරටම නාවත් ඔහුගේ රුව දුටු ගමන් හඳුනා ගන්නා අය බොහෝයි. එ් විදිහට හඬ නිසා ජනාදරයට පත් වුණ සහන්ගේ ජිවිතේ අලූත් පිටුවක් පෙරළෙනවා. එ් ගැන ඔහු අපිත් එක්ක කතා කළා.


සහන්ගේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා නේද..?
ඔව්. මගේ වෘත්තීය ජීවිතේ ලොකු වෙනසක් සිදු වෙනවා. ඉස්සර දෙරණ රූපවාහිනී තිරයෙන් මාව දැක්ක පේ‍්‍රක්ෂකයින්ට දැන් මාව දකින්න ලැබෙන්නේ සියත රූපවාහිනියෙන්. සියත රූපවාහිනිය අලූත් මුහුණුවරකින් එළිදකිනවා. මටත් එ් සඳහා ඇරයුම් ලැබුණා. වෙනසක් ඕන නිසා මම එ් ආරාධනාව පිළිගත්තා.

මුදල් මත පදනම් වෙලාද ඔබ දෙරණින් ඉවත් වෙන්නේ..?
එ් ප‍්‍රශ්නය මගෙන් හුඟ දෙනෙක් ඇහුවා. එ්ත් මම මුදල පදනම් කරගෙන ගත් තීරණයක් නෙමෙයි මේ. අපි දෙයක් ලබා ගන්න කලින් යමක් කරන්න ඕන. එතකොට තමයි වටිනාකමක් ලැබෙන්නේ. මගේ හැකියාවට වටිනාකමක් ලැබුණා. එ්ත් එ් වටිනාකම මම ලන්සු තිබ්බේ නැහැ. දෙරණ කියන්නේ මගේ ගෙදර වගේ. අවුරුදු එකොළහක් මම දෙරණ පවුලත් එක්ක එකතු වුණා. එ් පවුල දාලා යන්න දුකයි. එ්ත් මට යන්න වෙනවා.

මට දෙරණ නාළිකාවේදි උදව් කළ අය හිටියා. සභාපති පිලිප් ජයවීර, උප සභාපති ලක්සිරි වික‍්‍රමගේ, කළමනාකාර අධ්‍යක්ෂිකා වරුණී අමුණුගම, විධායක අධ්‍යක්ෂ මාධව මඩවල, වැඩසටහන් අධ්‍යක්ෂිකා ශර්මිලා ධර්මරාසා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ලක්මාල් මුදලිගේ යන මහත්ම මහත්මින් වගේම මගේ හිතවත්ම මිතුරන් වන චතුර අල්විස්ටත් සමාධි ලියනගේටත් ස්තූති කරනවා. එ් වගේම පුර්ණිකා පීරිස් කියන්නේ මාත් එක්ක මුල්ම වැඩසටහන කළ නිවේදිකාව. ඇය මගේ ජීවන ගමනින් අයින් වුණත් මගේ ජීවිතේ දැක්වු සහයෝගයට වගේම ජීවිතේ අසීමිතව පාඩම් කියලා දුන්නාට ස්තූති කරනවා.

ඔබේ බිරිඳ පූර්ණිකා පීරිස්. ඇය ඔබෙන් වෙන් වුණා. ඔබෙන් වෙන් වූ පූර්ණිකා දෙරණ නාළිකාවේ කටයුතු කරන නිසා ඔබ දෙරණින් ඉවත් වුණා කියලත් රාවයක් පැතිරෙනවා..?
අපි දෙන්නා වෙන් වුණා. එ් ඇගේ තනි වුවමනාවට. එ්ත් මම ඇය නිසා දෙරණින් ඉවත් වුණේ නැහැ. එ් කතාව බොරුවක්. එ්වගේම ඇයත් එක්ක වැඩ කරන්න අවස්ථාවක් ලැබුණොත් අපහසුතාවකින් තොරව මට වැඩකරන්න පුළුවන්කමක් තියෙනවා.

ජනප‍්‍රිය හා ස්ථිර ආයතනයකින් ඉවත් වෙලා සීමිත සංඛ්‍යාවක් දන්න රූපවාහිනියක නතර වෙන එක අභියෝගයක් නේද..?
අපිට ජීවත් වෙන්න වගේම යම් දෙයක් කරන්න අරමුණක් තියෙන්න ඕන. එ් ජීවිතේට අභියෝගයක් තිබුණොත් තමයි පැවැත්මක් හැදෙන්නේ. මම එ් අභියෝගය භාර ගත්තා. එ් ඔස්සේ මට පුළුවන් පැවැත්ම හදාගන්න.

දෙරණ නාළිකාවේදි ඔබ වටා රොක් වුණ පේ‍්‍රක්ෂක ආකර්ෂණය සියත රූපවාහිනියේදී ගොඩනගාගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවාද..?
ඔව්. මම සියතට එකතු වෙන්නේ නිවේදකයෙක් වගේම විධායක නිෂ්පාදකවරයෙක් හැටියට. මට වසර එකොළහක ටෙලිවිෂන් ඉවක් තියෙනවා. පේ‍්‍රක්ෂකයින්ගේ රසවින්දනය මම දන්නවා. ඉවසයිද මන්දා, හීනයක් වගේ වැනි ජනප‍්‍රිය ගීත රැුසක මියුසික් වීඩියෝ කරන්න මට පුළුවන් වුණා නම් ආකර්ෂණිය විදිහට සියතේ කටයුතු කරන්න ඇයි මට බැරි. මම යමක් කරයි කියන බලාපොරොත්තුවෙන් මට එ් ආයතනය ඇරයුම් කරන්නේ. එ් ඇරයුමට සාධාරණයක් වගේම පේ‍්‍රක්ෂකයින්ටත් මට සාධාරණයක් කරන්න පුළුවන්.

කොහොමද පුද්ගලික ජිවිතේ..?
හොඳයි. වරදක් නැහැ.

විවාහ ජීවිතේ දෙදරුණා කියලා සහන් කනගාටුවෙන්ද ඉන්නේ..?
සියල්ල අටලෝ දහමට යටත්. ඉඳ ඉඳ එක වෙහෙර, විඳ විඳ දහම් මනහර, සිඳ බිඳ දුක් සසර, අහෝදෙව්දත් නොදිටි මොක්පුර කියලා කවියක් තියනවා. මටත් එහෙම තමයි කියන්න තියෙන්නේ.

ඇය ඔබෙන් වෙන් වුණා. තනිකඩව ඉන්නද බලාපොරොත්තුව. නැත්නම් අලූත් විවාහයකින් ජීවිතේ පටන් ගන්නවද..?
මම තවත් විවාහයක් නම් කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ.

ඔබේ පුතණුවන් ගැන කිව්වොත්..?
පුතාගේ නම ආදිත්‍ය අබේසේකර. එයාගේ වයස අවුරුදු තුනහමාරයි. තාත්තා කෙනෙක් හැටියට එයාට තියෙන ආදරේ අඩු කරන්න මට බැහැ. ඉස්සර වගේම මම මගේ පුතාට ආදරෙයි. සතියට දවස් කිහිපයක් එයා මාත් එක්ක ඉන්නවා.

හර්ෂණී වීරරත්න
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.