Feb
06
ක්‍රිකට් ක්‍රීඩක කුසල්ගේ මෙන්ඩිස්ගේ නිවෙසට හොරු පනි

ඉකුත් 2දා රාත්‍රි 11ත් අලුයම 1ත් අතර සිදුවී ඇති මේ සොරකමේදී රන්මාල 3ක්, රන් මුදු 4ක්, පවුම් 1 3/4ක රන් මාලයක් සහ මුදු 2ක් සමඟ රුපියල් 5000ක මුදලක්ද සොරුන් විසින් ගෙන ගොස් ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වෙයි.
එම තුන් මහල් නිවෙසේ බිම් මාලයේ කාමරයේ අල්මාරි ලාච්චුවක මේ රත්රන් බඩු තිබී ඇති අතර ලාච්චුව කඩා ඒවා සොරකම් කරගෙන ගොස් ඇති බව විදේශගතව ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස්ගේ පවුලේ සාමාජිකයකු වූ බලාපු වඩුගේ දීප්ත මෙන්ඩිස් යන අය එම පැමිණිල්ල කර තිබේ.
සොරකම පිළිබඳ කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. පානදුර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පල්ලියගුරුගේ මහතාගේ උපදෙස් පරිදි එම පොලිස් ස්ථානාධිපති අපරාධ අංශයේ උප පොලිස් පරීක්‍ෂක සරණපාල මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරී කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වයි.