Feb 11

ඒ සාමාර්ථ 03ක් තිබිලත් සරසවියේ දොර වැසුණු පස්සර නගරයේ ශිෂ්‍යයාව

2015 උසස් පෙළ විභාගයට කලා අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ 03ක් ලබා ගත්ත ද විශ්ව විද්‍යාල ප්‍රවේශය නොලැබුණු පුවතක් මොණරාගලින් වාර්තා වුණා.

බුත්තල අධ්‍යාපන කලාපයට අයත් කොටමුදුන මහ විද්‍යාලයේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ආර්. එම්. සෞම්‍යා උදේශිකා මෙම සිද්ධියට මුහුණ පා සිටිනවා. 2016 ජනවාරී මස 19 වනදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් තමන්ට ලිපියක් ලැබුණු බවත් 2015 – 2016 අධ්‍යාපන පාඨමාලාවන් සඳහා සෞන්දර්ය අංශයට කොමිසම මගින් තමන් තෝරාගෙන ඇති බවත් එම ලිපියේ සඳහන් වූ බවයි ඇය කියා සිටියේ.


තවද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් වෙබ් අඩවිය හරහා එම පාඨමාලාව සඳහා 2016 ජනවාරී 21 වන දිනට පෙර ලියාපදිංචි වන ලෙස ද එහි සඳහන් වූ බව එම සිසුවිය පවසනවා. අන්තර්ජාල පහසුකම් නොමැති බැවින් පස්සර නගරයේ පෞද්ගලික ආයතනයකින් එම වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වීමට කටයුතු කළද තමන්ට විශ්ව විද්‍යාලයක් නොලැබුණු බව එම සිසුවිය පවසනවා.

පසුව කළ සොයා බැලීමක දී හෙළිව ඇත්තේ එම සිසුවිය අන්තර්ජාල සේවාව ලබාගත් ස්ථානයෙන් අදාළ ලියාපදිංචි කිරීම නිසි ලෙස සිදුකර නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.