Feb 28

අද කා‍ලේ වෙන දේවල් දැක්කාම විවාහ වෙන්න බයයි

ඩිනක්ෂි දැන් හරි බිසී නේද?
පසුගිය දවස්වල රූගත කිරීම් නිසා කොළඹින් පිටමයි හිටියේ.
ඒ නිසා තමයි තරමක් බිසී වුණේ.

ඔහොම ගියොත් ගෙදරින් එළවන දවස වැඩි ඈතක නෑ වගේ?
දැනටත් ඒ වගේ තමයි. ඇයි ඉතින් ගෙදරක ඇත්තෙම නෑනේ.


ඔය අතරේ අලුත් අඩව්වක් අල්ලන්න ලෑස්ති වෙනවා කියලත් ආරංචියි?
අඩව්වක්......? කවුද කිව්වේ.

කියන්න දෙයක් නෑ. රටම ඒ ගැන දන්නවා. හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එළිපිටනේ?
අම්මෝ.... මම බැලුවා මොකක්ද ඔය කතාව කියලා. ඔය කියන්නේ දෙරණ ඩාන්ස් අන්ලිමිටඩ් වැඩසටහන ගැනනේ. ඒක රියැලිටි වැඩසටහනක්. ඒ වැඩසටහන ඉදිරිපත් කරන්න මට ආරාධනාවක් ආවා.

ඒ කියන්නේ ඩිනක්ෂි නිවේදිකාවක් විදියට රියැලිටි වේදිකාවට දෙවනි වරටත් නගිනවා.
ඔව්නේ. රණවිරු රියල් ස්ටාර්නෙ මගෙ පළවෙනි අත්දැකීම. ඒක කරලා ටික කාලයක් වුණත් ඒ අත්දැකීම්  වටිනවා මේ වැඩසටහනට.

පහුගිය කා‍ලේ ඒක පාර්ශ්වීය ප්‍රේමයක පැටලිලා හිටියා.
ඔව් දැන් ඒක ඉවරයි.

යථාර්ථය අවබෝධ වෙලාද නතර කළේ?
නෑ... නාට්‍ය ඉවර වුණ නිසා.

දුටුගැමුණු චිත්‍රපටයේ සාරධා වුණේ උමාලි, ටෙලිනාට්‍යයේ ඩිනක්ෂි දෙන්නගෙන් කවුද සාර්ථක?
මම ඒ නිර්මාණ දෙකවත් චරිත දෙකවත් සංසන්දනය කරන්නේ නෑ. උමාලි අක්කා චිත්‍රපටයේ එයාට ලැබුණු චරිතයට උපරිම සාධාරණයක් ඉටුකළා. ඒ කා‍ලේ කවුරුත් ඒ චරිතය ගැන කතා කළා. උමාලි අක්කා තමයි හොඳටම රඟපෑවේ කියලත් සමහරු කිව්වා. මම ටෙලි නාට්‍යයේ මට ලැබුණු චරිතයට උපරිම සාධාරණයක් ඉටුකළා. චරිත් අයියා වගේම ප්‍රේක්ෂකයන් ඒ ගැනත් සතුටු වුණා.

දිනේෂ් සුබසිංහ ඩිනක්ෂිගෙ යාළුවෙක්ද?
නිතර මුණ ගැහෙන්නෙ නම් නෑ. තරහා වෙන්න හේතුවකුත් නෑ.

දිනේෂ්ට ඩිනක්ෂි එක්ක පෞද්ගලික කෝන්තරයක් තියනවාද?
නෑ... මම දන්න තරමින් නෑ... ඇයි එහෙම අහන්නේ?

එහෙනම් මුහුණු ‍පොතේ සාරධා චරිතය ගැන උමාලිව වර්ණනා කරලා ඩිනක්ෂිට කැපිල්ල දාලා තිබුණේ ඇයි?
දිනේෂ් අයියා කියන්න තියන දේ කෙළින්ම කියන කෙනෙක්. මගෙත් එක්ක පෞද්ගලික තරහක් නෑ. එයාට දැනෙන විදිය වෙන්න ඇති ලියන්න ඇත්තේ.

උමාලිව රත්තරන්වලටත් ඩිනක්ෂිව මැටිවලටත් උපමා කළාම දුක හිතුනෙ නැද්ද?
නෑ..... ඒක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් විතරයි. ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් කියන්න පුළුවන් නේ. හිත රිදෙනවා නම්  ඔයිට වඩා දේවල් තියෙනවා.  මම ඒක නම් ගණන් ගත්තෙම නෑ.

පොඩි නංගි ශනුද්‍රිත් ආපහු වැඩ පටන් අරගෙන?
ඔව්. එයාගෙ උසස් පෙළ ඉවර වුණානේ. ඒ නිසා ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණා.

ලොකු නංගි ශේෂාද්‍රි නම් රංගනයෙන් සමු අරගෙනලු?
අපිටත් වැඩිය දක්ෂ එයා. ඒත් එයා දැනට ඒ තීරණේ ඉන්නවා. අපිට බලපෑම් කරන්න බෑනේ. රංගනය බලෙන් කාගෙවත් උවමනාවට බලපෑමට කරන්න පුළුවන් දෙයක් නමෛයි. එයා කැමැත්තෙන් ඉදිරිපත් වෙනකන් අපිත් බලාගෙන ඉන්නවා.

දැන් කලවයසත් හරි. පිළිවෙළක් වෙන්න අදහසක් නැද්ද?
තාම  නෑ.... හිතුවෙවත් නෑ.... වැඩිය කැමැත්තකුත් නෑ....

හිතේ තිබුණත් කියන්නෙත් නෑ.... එහෙමද?
තාම හිතේ නෑ...... අද කා‍ලේ වෙන දේවල් දිහා බලන කොට විවාහ වෙන්නත් බයයි.

සැමියා නළුවෙක් වුණොත්?
කවුරු වුණත් කමක් නෑ. හොඳ මනුස්සයෙක් නම්..... මට ආදරේ නම් ඒ හොඳටම ඇති....

හිමේෂා සවන්ති රාජපක්ෂ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.