Feb 13

ලංකාවෙන් ලැබුණු ආදරේ කෝටියක් වටිනවා

ජපාන ටෙලිනාට්‍ය කලාව වෙතින් බිහිවූ එදා මෙදාතුර කාලයේදී එරට වැඩිම පිරිසක් නැරඹූ ටෙලි නාට්‍ය මාලාව ලෙස සඳහන් වන්නේ ‘‘ඔෂීන්’’ ය.

සුගාකෝ හෂීදාගේ නිර්මාණශීලී රචනයක ඵලයක් ලෙස බිහිවූ ඔෂීන් ජපානයේ භ්‍යණ නාලිකාව හරහා මුල්වරට විකාශය වීමට පටන් ගත්තේ 1983 දීය. ඉනික්බිතිව මේ ඔෂීන් නාට්‍ය කෙතරම් ජනප‍්‍රිය වීද යත්. උපසිරැුසි සහිතව සහ හඬ කැවීම් සිදු කොට රටවල් 68 කදී පමණ මේ වනවිට විකාශයවී තිබේ. ඉංග‍්‍රීසි බසින් මෙන්ම අරාබි භාෂාවෙන් පවා හඬකවා විකාශය වීම එකතකට පුදුම සහගත දෙයකි. ටයිටස් තොටවත්ත ශූරීන්ගේ නිර්මාණශීලී හඬකැවීම් අදියුරුවෙන් මෙරටදී විකාශය වූ ඔෂීන් හට ලැබුණු ප‍්‍රතිචාර කෙතරම්ද කියා අමුතුවෙන් කිවයුතු නොවේ.

එලෙසින් අපේ සමාජයේදීත් එතරම්ම ජනප‍්‍රිය වූ ‘‘ඔෂීන්’’ ගැන නැවතත් වත්මනෙහි ශ්‍රී ලාංකීය සමාජය කතා කිරීමට පටන් ගත්තේ පසුගියදා පැවැති ජපන් x ශ‍්‍රී ලංකා එක්ස්පෝ ප‍්‍රදර්ශනය නිසාය. මෙම ප‍්‍රදර්ශනය සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තියක ලෙස ඔෂීන්ගේ ළමා කාලය හැඩ කළ අයකෝ කොබයාෂි පැමිණ සිටීම නොඑසේ නම් ආදරණීය ‘‘ඔෂීන්’’ සහභාගි වීම ඊට හේතුවය.

එදා ඔෂීන්ගේ ළමා කාලය හැඩ කළ මේ අයකෝ කොබයාෂි එම චරිතය සඳහා තෝරා ගන්නා විට වයස අවුරුදු දහයක පමණ දැරියක වූවාය. මේ අයකෝ කොබයාෂි උපන්නේ 1972 අගෝස්තු 12 වැනිදා තෝකියෝවේදීය. ඔෂීන් ටෙලිමාලාවේ හඬකැවීම් වෙනුවෙන් ළමා කාලයේ ඔෂීන් සඳහා හඬකැවීම් සිදුකළේ රශි පබා සංදීපනීය. ඇයද එවකට පාසල් දැරියක වී සිටියාය. ඉන්පසු තරුණ කාලයේ ඔෂීන් සඳහා හඬකැවීම් කළේ රසාදරී පීරිස් ශිල්පිනියයි. වැඩිහිටි ඔෂීන් වෙනුවෙන් ගේ‍්‍රෂ් තෙන්නකෝන්ද තරුණ ඔෂීන්ගේ පෙම්වතාට හඬකැවූ එනම් රූසෝ තනකුරාගේ චරිතයට හඬකැවූ සමන් අතාවුදහෙට්ටි ප‍්‍රවීණයාගේ හඬද අපට තවමත් මිහිරි මතකයන්ය. ඒ මිහිරි මතකයන් යළි අලූත් කළ මේ අයකෝ කොබයාෂි අද 44 වන වියෙහි පසුවන්නීය. මෙරට පැමිණි මේ ගමනේදී ඇය මාධ්‍ය පිළිසඳරකට ද එක් වූවාය. එම පිළිසඳරේදී අප ඇසූ පැනවලට ඇය පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

මෙලෙසින් ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක්ද?

ජපන් - ශ්‍රී ලංකා එක්ස්පෝ ප‍්‍රදර්ශනය සඳහා එහි සමාරම්භක අවස්ථාවට සහභාගි වන්නැයි මට ආරාධනා ලැබුණා. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකාව සහ ජපානය අතර වූ බැඳීම සහ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත්වීම මේ වගේ දේ නිසා සිදුවන බව මගේ හැඟීමයි.

ප‍්‍රජාවේ සහයෝගීතාවය උදෙසා ජපානය සහ ශ්‍රී ලංකාව අතර මොන වගේ දෙයක් කළ හැකිය කියාද ඔබ සිතන්නේ.

ශ්‍රී ලාංකීය ජනතාව මට දැනෙන්නෙ ඇත්තටම මගේ පැරණි මිතුරන් ලෙසයි. ඒ බැඳීම මට තදින්ම දැනෙන හැඟෙන දෙයක්. ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ දියුණුව සහ සංවර්ධනය උදෙසා අනාගතයේදී මට යමක් කළ හැකියැයි කියා විශ්වාස කරනවා. ඒ බෙදාහදා ගැනීමට මා සූදානම්. ඒ නිසා මෙහි කලාවට හොඳක් වෙනවාට මම කැමතියි.

ශ්‍රී ලාංකීය බව සහ එහි සංස්කෘතිය ගැන ඔබට දැනෙන්නෙ කොහොමද?

මේ ගමනේදී මට බොහෝ තැන්හි සංචාරයට අවකාශ තිබුණේ නැහැ. නමුත් ශ්‍රී ලංකාව කෙරෙහි මට වඩාත් හැඟීමක් ඇති වුණේ මා පැමිණි ගුවන් යානය ගොඩබැසීමට පෙර ගුවනේ සිටම මට අත්විඳින්න ලැබුණ භූමි දර්ශන නිසයි. සත්තකින්ම ශ්‍රී ලංකාව මොන තරම් නම් සුන්දර රටක්ද කියා මට හැඟුණා. එය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්. මේ රට හරිම ලස්සනයි. වෙරළ තීරයේ ලස්සන වගේම තාලයට යායට පැතිරී ගිය පොල් ගස් මට පෙනුණේ චිත‍්‍රයක් වගෙයි. ඒ ස්වභාවධර්මයේ අපූර්වත්වය අත්විඳි මම මෙරට පා තැබුවාම මෙරට මිනිසුන් ආදරණීයව මා පිළිගත්තා. ඔවුන්ගේ අඳින x පළඳින විදියට කන x බොන විදියට ඔවුන්ගේ ජීවන රිද්මයට මම ආසයි. එය හරිම අපූරුයි. නමුත් ඒ සියලූ දේට වඩා මම වඩාත් කැමති ඔවුන්ගේ හදපත්ලෙන්ම ලැබෙන උණුසුම් පිළිගැනීම සහ සිනහවටයි. ඒ සිනහව ලෝකයේ වෙන කොහේදිවත් දකින්න නොලැබේවි. එය මට තදින්ම දැනුණ දෙයක්.

 එදා ‘ඔෂීන්’ රඟපාද්දී ඔබට වඩා අසීරු අවස්ථාවක් ගැන සිහිපත් කළොත්?

ඕනෑම කෙනෙකුට වගේම මටත් පළමු රූගත කිරීම් අවස්ථා මිහිරිතම මතකයක් ඇති කළා. නදීතීරය අසලදී කළ ඒ රූගත කිරීම් සැබැවින්ම සදාතනික සොඳුරු මතකයකට මාව ගෙන යාවි කියා විශ්වාස කළේ නැහැ. අසීරුතම අවස්ථාව වුණේ යමගතාවලදී අධික ශීත කාලගුණයක් යටතේ අධික ශීතල ජලයේ බැස රූගත කිරීමට සිදු වූ අවස්ථාවයි. එය කොතරම් ශීතලක්ද කිව්වොත් අදටත් මට එය දැනෙන තරම්. සහතිකෙන්ම එය නම් අතිශය අසීරු අවස්ථාවක් වුණා.

ශ්‍රී ලංකාවට මීට පෙර පැමිණ තිබේද?

ඇත්තටම මේ මගේ පළවැනි ගමනයි. නමුත් ශ්‍රී ලාංකීය ජනතාව එය සොඳුරුතම ගමනාන්තයක් බවට පත් කළා. පුදුමාකාර විදියට ජනතාව මාව උණුසුම්ව පිළිගත්තා. එය මට සොඳුරුතම සැමරුමක් වේවි.

ඔෂීන් චරිතය ගැන ඔබට හැෙඟන්නෙ කොහොමද?

ඇත්තටම ඒ නිසා මම ජීවිතයේ ඉගෙන ගත්ත දේ බොහෝමයි. චරිතයක් ගොඩනැගීම සඳහා කී දෙනෙක් දායක වෙන්න ඕනෑ ද? මහන්සි වෙන්න ඕනෑ ද කොපමණ සහයෝගයෙන් වැඩ කළ යුතුද එවැනි බොහෝ දේ මම ජීවිතයේ ඉගෙන ගත්තා.

නැවතත් ඔබ ලංකාවට එනවද?

සහතිකෙන්ම ඔව්. මට ලංකාවේ බොහෝ දේ නරඹන්න, දකින්න, විඳින්න ආසයි. ඒ නිසා ඒ වෙනුවෙන් නැවත මම ලංකාවේ සංචාරයක යෙදෙනවාමයි.

එලෙසින් අප සමග පිළිසඳරට එක්වූ අයකෝ කොබයාෂි. හෙවත් ආදරණීය ඔෂීන් විනෝදාංශ හැටියට සංචාරවල නිරත වන්නත් පියානෝ වාදනය, පුංචි ගිටාර වාදනයට, ශාස්ත‍්‍රීය බැලේ නර්තනයට දායක වන නර්තනවලට උත්සවවලදී ටැප් ඩාන්ස්වලට වගේම ජපානයේ තේ සංග‍්‍රහ කිරීමේ කලාවටත් ඉතා කැමති වගේම දක්‍ෂතා දක්වන්නීය.

- සාරවිට
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.