Feb 13

පූර්ණිකාව හොරෙන් කසාද බඳින්න මට ඕන නෑ පේෂල අමුතු කතාවක් කියයි

පේෂල මනෝජ් කෙනකුගේ මුවගට හිනාවක් එක්කරන්නත් දක්ෂයෙක් වෙලා. දෙරණ චැම්පියන් ස්ටාර් එක්ක ප‍්‍රහසන නිවේදකයෙක් වුණ පේෂල ගැන මේ දවස්වල වැඩිපුරම කතා කරනවා. එ් ජනප‍්‍රිය විවාහක නිවේදිකාවක් එක්ක පැටලූන කතාවක් නිසා

ජනප‍්‍රිය පවුලක් කඩලා එ් පවුල එක්ක පේෂල පවුල් වෙන්න සුදානම් කියලා ආරංචියි. ඇත්තද මේ කතාව..?


ඔය කතාව ඔය විදිහටම මටත් ආරංචි වුණා. එ්ත් එ් කතාවේ නම් ඇත්තක් නැහැ. මොකද මට හොඳ පවුලක් කඩලා පවුලක් හදන්න වුවමනාවක් නැති නිසා. එ් වගේම කියන්න ඕන පවුල් ජීවිතේ හොඳට තිබ්බා නම් කැඩෙන්නෙත් නැහැනේ ඔය කියන විදිහට. ඔය කතාව අමූලික බොරුවක් කියලා තමයි කියන්න තියෙන්නේ.

කතාව අමූලික බොරුවක් නම් ඇය එක්ක වෙනම ජීවත් වෙන්නේ නැහැ නේද..?

ඔය කියන කතාව පතුරන අයගෙන් තමයි අහන්න වෙන්නේ මොන පදනමක් යටතේද මාව එ් අයගේ කතාවට එකතු කරගත්තේ කියලා. මම අපාට්මන්ට් එකක ඔය කියන කෙනා එක්ක ජීවත් වෙනවා කියනවා. එ්ත් මම ජීවත් වෙන්නේ මගේ අම්මයි, තාත්තයි එක්ක. මම උදේට ගෙදරින් වැඩවලට ගිහිං එනකොට ? වෙනවා. මගේ අම්මා තමයි මට කෑම බීම හදලා දීලා මගේ රෙදි ටික පවා හෝදලා දෙන්නේ.

ගින්නක් නැතිව දුමක් නගින්නේ නැතිලූ?

ගින්න ඇවිළුව කෙනාගෙන්ම තමයි අහන්න වෙන්නේ. ගින්නක් නැතිව දුමක් නැග්ගේ කොහොමද කියලා. මගේ තාත්තා රියැදුරෙක් විදිහට සේවය කරලා දුක් මහන්සියෙන් මාටයි, මල්ලිටයි ඉගැන්නුවේ. අම්මා බදුල්ල ගමේ ඉපදිලා තාත්තාව විවාහ කරගෙන හොඳ පවුල් ජීවිතයක් ගත කරන්නේ. මගේ තාත්තා, අම්මා නරක මිනිස්සු නෙමෙයි. එ් ගතිගුණ මටත් තියෙනවා. මගේ මල්ලි ඩුබායි ගිහිං මහන්සි වෙලා හම්බකරලා මාව ඉන්දියාවේ යවලා වැඩිදුර ඉගෙන ගන්න වියදම් කළේ, ඔය කියනවා වගේ වැඩ කරන්න නෙමෙයි. අපි දුප්පත් සාමාන්‍ය මිනිස්සු. හැදිච්චකම තියෙනවා. මට එ්තරම්ම අවශ්‍යයි නම් පුර්ණිකා පීරිස් කියන නිවේදිකාව ඩිවොස් වුණාට පස්සේ ජෙනුයින් විදිහට බඳිනවා.

මට හොරෙන් බඳින්න වුවමනාවක් නැහැ. එයාව නෙමෙයි කාව වුණත්. එ්ත් මට එයා එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. එ්වගේම කියන්න ඕන මට මේච්චර කාලයක් කටකතා හැදිලත් නැහැ කියන එක.

පුර්ණිකා එක්ක සම්බන්ධයක් තියෙන බවට රාවයක් පැතිරෙද්දිත් ඇය එක්ක කතා බහ කරනවාද..?
මට එයා එක්ක කතා කරන්න බැරිකමක් නැහැ. අපහසුවකුත් නැහැ. දැක්ක තැනදී කතා කරන්න පුළුවන් කොන්දක් මට තියෙනවා.

සම්බන්ධයක් නැහැ කිව්ව සමහර කලාකරුවෝ ටික කාලයකින් ප‍්‍රසිද්ධියේම සම්බන්ධකම් පවත්වාගෙන යනවා. පේෂලත් එහෙම කරයිද..?

මම පුර්ණිකා එක්ක සම්බන්ධයක් තියෙනවා නම් එ්ක දැන්ම ප‍්‍රසිද්ධියේ කියනවා. පස්සේ කියන්න තියා ගන්නේ නැහැ. එ් වගේම කතාවක් තියෙනවා මම විවාහ තුනක් කරගත්තා කියලා. විවාහ තුනක් කරගන්නේ කොහෙද මම ලංකාවට ආවෙත් 2010 අවුරුද්දේ.

එ් කොහොම වුණත් පේෂල තවම පෙම්වතෙක් නෙමෙයිද..?

මට ආදරේ කරන්න කලින් වැඩ ගොඩක් කරන්න තියෙනවා. මම සංගීතයත් එක්ක කාර්යබහුල කෙනෙක්. හැමදාම මේ ජනප‍්‍රියත්වය නැහැ. මේ කාලේ හො`දට හම්බකරන්න ඕන. මගේම කියලා ජීවිතයක් හදාගන්න. දෙමාපියන්ට බරක් නොවී. එ් නිසා විවාහය ආදරය ගැන පස්සේ හිතනවා.

පේෂල දැන් මිනිස්සුන්ව හිනස්සන්න දක්ෂයෙක් වෙලා නේද..කොහොමද ලැබෙන ප‍්‍රතිචාර..?

සිංහල මුස්ලිම්, දෙමළ කියන වර්ග භේදයකින් තොරව වගේම වයස් භේදයකින් තොරව මිනිස්සු මට ආදරේ කරනවා. ස්වාමීන් වහන්සේලා පවා මට ප‍්‍රතිචාර දක්වනවා. එ්ක ඇත්තටම වාසනාවක්. එ් ප‍්‍රහසනය තුළ මවාපෑමක් නැහැ. කෑමරාව ඉදිරියේ හැසිරෙන විදිහටමයි මම සැබැ ජීවිතයේදිත් හැසිරෙන්නේ.

මයික‍්‍රෆෝනය අතට ගත්තාට පස්සේ තබ්ලාව අමතක කළාද..?

පේෂ්කාරා කියන මගේ කණ්ඩායම එක්ක විවිධ ප‍්‍රසංගවලට සම්බන්ධ වෙනවා. ඉදිරියේදී විදෙස් ප‍්‍රසංගවලටත් සම්බන්ධ වෙනවා. එහෙම මම තබ්ලාව අමතක කරන්නේ නැහැ. මට ප‍්‍රවීණයින් පවා ආදරෙයි. වැඩ කරන්න ලැබෙනවා. එ්ක හොඳ අත්දැකීමක්. එ්වගේම මම තබ්ලා පංති කරනවා.

හර්ෂණී වීරරත්න
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.