Nov 15

‘කුස්සියක් නැති පාසලට අරක්කැමියන් හතරක් පත් කරලා‘

කුස්සියක් හෝ නොමැති දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයට අධ්‍යාපන අමාත්‍යංශය මගින් අරක්කැමියන් හතර දෙනකු සහ කම්කරු පත්වීම් සඳහා 25 දෙනකු ඒවා ඇතැයි විදුහල්පති  රංජිත් දිසානායක මහතා පවසයි.

විශාල කම්කරුවන් පිරිසක් සීමිත සිසුන් පිරිසක් ඉන්න පාසලකට එවීම හා කුස්සියක් හෝ නොමැති පාසලකට අරක්කැමියන් හතර දෙනකු සේවයට එවීම පිළිබඳ විදුහලේ ගුරුවරු මවිතය පළ කරති.

කම්කරුවන් 25 දෙනාගෙන් 23 දෙනකුම කුලියාපිටිය පදිංචිකරුවන් බවත් සෙසු අය දඹුල්ල ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ බිරියක හා ඥාතියකු බව කියති. මේ පිළිබඳ විමසීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විමසීම සඳහා ජංගම දුරකතනයට ඇමතුමක් ලබාගත් විට ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් බව කියන රන්ජන් බණ්ඩාර මහතා කිවේ ඇමැතිවරයා විශේෂ රැස්වීමක සිටින බවත් පත්වීම් පිළිබඳ ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් දීප්ති පෙරේරා මහතාට කතා කර දැනගැනීමට හැකි බවයි.

ඒ අනුව ඔහුගෙන් කළ විමසීමේදී කියා සිටියේ විද්‍යාලයේ ඉල්ලීම පරිදි විධිමත් ලෙස සම්මුඛ පරීක්ෂණ පවත්වා මේ පිරිස බඳවාගෙන ඇති බවත් අරක්කැමියන් එවා ඇත්තේ ඉදිරියේදී මේ පාසල්වල නේවාසිකාගාර ඉදිකිරීමේ සැලසුම් කර ඇති නිසා බවත්ය .
කුලියාපිටියට කියා විශේෂ වෙනසක් කර නැති බවත් සියල්ල බෙදී යන ආකාරයට පත්වීම් සිදුකර ඇති බවත් ඔහු කිවේය .සමහර විට කුලියාපිටියෙන් වැඩියෙන් ඉල්ලුම් කර ඇති නිසා වැඩි පිරිසක් සිටිය හැකි බවද ඔහු කීය.

මේ පිළිබඳ විමසීම සදහා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා සම්බන්ධ කර ගැනීමට උත්සහා කළද ඔහු මේ දිනවල විදේශ ගතවී ඇති බව එහි නිලධාරියෙක් පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.