Sep 06

තෙල් සංස්ථාව කඩා වැටීමේ අවදනමක්

ආණ්ඩුව බොරතෙල් මගින් නිෂ්පාදනය කරන ඉන්ධන ලීටරයකට රුපියල් 10 ක බද්දක් ගැනීම මගින් ඛනිජ තෙල් සංස්ථාව කඩා වැටීමේ අවදානමක් ඇතැයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

දේශීය නිෂ්පාදන නගා සිටුවීමට අත හිත ලබාදෙන බවට ආණ්ඩුව පොරොන්දු වුවද, බොරතෙල්වලින් නිෂ්පාදනය කරන ඉන්ධන ලීටරයකට රුපියල් 10 ක බද්දක් යොදා ඇතැයි එම සංගමය සදහන් කරයි.

මේ මාසයේ සිට මෙම බද්ද අය කරගැනීමට කටයුතු කරමින් සිටින බවත් මීට පෙර බොරතෙල් පිරිපහදු කිරීමෙන් ලැබෙන ඉන්ධනවලට යොදා තිබුණේ රුපියල් 03 ක මුදලක් බවත් එම සංගමයේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහළ යාම හා බදු සහන ලැබීම නිසා තෙල් සංස්ථාව පසුගිය වසරේ රුපියල් බිලියන 30කට ආසන්න මුදලක් ලාභ ලැබූ බවද ඔහු පවසා සිටියා.

එහෙත් මෙම බද්ද නිසා සමස්ත තෙල් සංස්ථාවම කඩා වැටීම නතර කරගැනීමට නොහැකි වන බවත්, ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේද එයම බවත් කැඳවුම්කරු සඳහන් කර සිටියා.

ආණ්ඩුව දැනටමත් ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි ඉන්දියාවට පවරාදීමට හා හම්බන්තොට වරායේ තෙල් ටැංකි චීනයට පැවරීමට සැලසුම් කර තිබෙන බවද ඔහු පෙන්වා සුන් අතර මෙම ක්‍රියාව නවතා දමා තෙල් සංස්ථාව ශක්තිමත් කරන ලෙස ඉල්ලා තෙල් සංස්ථා සේවකයන් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙන බවත් අද (06) දිනයේදී මෙම විරෝධතාව සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී සිදුකරන බවත් කැඳවුම්කරු පවසා සිටියා.

එම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර නොලැබුණහොත් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.