Sep
06
ඩිලී අද පල්ලෙකැලේන් සමුගනියි
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව අද (6 වැනිදා) මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයේදී කුසල් පෙරේරා සමගින් තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ඉනිම ඇරඹීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ.
මෙම තරගය තිලකරත්න ඩිල්ෂාන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කරන අවසන් විස්සයි20 ජාත්‍යන්තර තරගය වන අතර ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ සිය මංගල එක්දින තරගයට සහ ටෙස්ට් තරගයට සහභාගි වූ දිනේෂ් චන්දිමාල් මෙම තරගයේදී ඩිල්ෂාන්ගේ නායකයා ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් වි:20 තරගය වූ එංගලන්තයට එරෙහිව පැවැති විස්සයි20 තරගය සඳහා ඩිල්ෂාන් සහභාගී නොවූ අතර එහිදී කුසල් පෙරේරා සමගින් ඉනිම ඇරඹූ ධනුෂ්ක ගුණතිලකට මෙම තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයේ ස්ථානයක් අහිමි වී ඇත.
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ පළමු තරගයේදී ආරම්භක පිතිකරුවකු ලෙස අසාර්ථක වීම නිසා කුසල් පෙරේරාට ඉතිරි තරග හතරේදී මැද පෙළ පිතිකරුවකු ලෙස කටයුතු කිරීමට සිදුවූ අතර විස්සයි20 තරගාවලියේදී නැවතත් ඔහුව ආරම්භක පිතිකරුවකු ලෙස යොදාගැනීමට කණ්ඩායමේ කළමණාකාරීත්වය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අවසන් එක්දින තරග දෙකේදී ආරම්භක පිතිකරුවකු ලෙස සාර්ථක වෙමින් ලකුණු 76 ක් සහ 34 ක් රැස්කළ ධනංජය ද සිල්වාට මෙම තරගයේදී මැද පෙළ පිතිරුවකු ලෙස කටයුතු කිරීමට සිදුවනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 3 සහ 4 යන ස්ථාන වල ක්‍රීඩා කිරීම සඳහා කුසල් මෙන්ඩිස් සහ නායක දිනේෂ් චන්දිමාල් ස්ථාවර වී සිටින අතර ආබාධයකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස්ගේ ස්ථානයේ (අංක 5) ක්‍රීඩා කිරීම සඳහා චාමර කපුගෙදරට වැඩි ඉඩක් තිබේ.
කළකට පසු නැවතත් විස්සයි20 සංචියට ඇතුළත්ව සිටින පිට දඟ පන්දුයවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක හෙට තරගය සඳහා ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙන අතර ඔහුගේ සහයක දඟ පන්දුයවන්නා ලෙස පා දඟ පන්දුයවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ.
මිලින්ද සිරිවර්ධන සහ සචිත් පතිරණ දෙදෙනාම වමතින් පා දඟ පන්දුයවන ක්‍රීඩකයන් වන බැවින් බොහෝ දුරට ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් හෙට තරගයේදී කණ්ඩායමට ඇතුළත් වනු ඇති අතර අවසන් එක්දින තරග දෙකේදී දැක්වූ දස්කම් අනුව එම ස්ථානය සචිත් පතිරණට ලැබෙනු ඇතැයි අනුමාන කළ හැකිය.
තුන් ඉරියව් ක්‍රීඩකයන් වන තිසර පෙරේරා සහ දසුන් ශානක අතුරින්ද එක් අයෙක් පමණක් හෙට තරගයේදී කණ්ඩායමට ඇතුළත් වනු ඇති බවට වාර්තා වේ. තරග දිනවීමේ හැකියාව මෙන්ම අත්දැකීම් අතින්ද දසුන් ශානකට වඩා තිසර පෙරේරා ඉදිරියෙන් සිටින බැවින් එම අවස්ථාව තිසරට ලැබීමට වැඩි ඉඩක් තිබේ.