Sep 01

තාජුඩීන්ගේ ඝාතනයේ CCTV දර්ශන වල කැනඩා වාර්තාව එයි

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනයේ සීසීටීවී දර්ශන සම්බන්ධයෙන් වූ වාර්තා සඳහා කැනඩාවට යැවූ සීඩී තැටි 10 කට අදාළ විශ්ලේෂණ වාර්තාව රහස් පොලීසිය විසින් මුද්‍රා තබා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඊයේ (31) බාරදෙනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරී සී. ඩබ්. වික්‍රමසේකර මහතා සහ උ.පො.ප රත්නප්‍රිය යානා නිලධාරීන් දෙදෙනා ඉකුත් 22 වැනිදා කැනඩාවේ පිහිටි forensic video and surveillance technology laboratory britsh colombia institute of technology canada යන ආයතනය වෙත පිටව ගිය අතර, ඊයේ (31) එම විශ්ලේෂණ වාර්තාව රහස් පොලීසිය විසන් එලෙස අධිකරණය වෙත භාරදෙනු ලැබුවේ මෝසමක් මගින් මෙම නඩුව අධිකරණය හමුවේ යළි කැඳවමිනි.

කැනඩාවේ වැන්කුවර්හි පිහිටි එම ආයතනයේ පාඨමාලා ප්‍රධානී ඩේවිඩ් මැකී මහතා වෙත මෙම සී. ඩී තැටි 10 සමඟ ප්‍රශ්න 36කින් යුතු ප්‍රශ්නාවලියක් ද ඉදිරිපත් කරනු ලැබූ අතර, එම ප්‍රශ්නාවලියට අදාළ වාර්තාව ද මුද්‍රා තබා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඊයේ (31) අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එම සී. ඩී තැටි කැනඩාව වෙත ගෙන ගොස් භාරදෙනු ලබන්නේ මෙම ඝාතනය සම්බන්ධ මෙතෙක් ලබාගෙන ඇති සීසීටීවී කැමරා දත්තවල පැහැදිළි දර්ශන ලබා ගැනීම සඳහා බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

මේ අතර මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනය සිදුවූ දින රාත්‍රියේ නාරාහේන්පිට පොලීසියේ ස්ථානාධිපතිවරයා වෙත ලබාදී තිබු දුරකථන ඇමතුම් හතරකට අදාළ දුරකතන අංක ජනාධිපති ලේකම් කාර්යාලය කේන්ද්‍රස්ථානය කරගනිමින් අරලියගහ මන්දිරයට සහ ජනාධිපති මන්දිරයට සම්බන්ධ කර තිබු බවට සඳහන්වූ කරුණු අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පවත්වාගෙන ගිය අභ්‍යන්තර දුරකථන ජාල පද්ධතියට අදාලව අවිකර තිබු මධ්‍යම දත්ත සැපයුම් ඒකකය ආශ්‍රයෙන් වාර්තාවක් ලබාගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසට මෙහිදී රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලීය.

ඒ අනුව ඉකුත් 2012 සැවී සඳ 16 වන දින පැය 18 සිට 2012 මැයි මස 17 වැනිදා පැය 6 දක්වා ජනාධිපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර දුරකථන ජලයට සම්බන්ධ වූ බාහිර දුරකතන ඇමතුම් සහ අභ්‍යන්තර දුරකතන ඇමතුම් පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙසට අංක 350 යූනියන් පෙදෙස, කොළඹ 02 පිහිටි පෙන්ටන්ස් ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරයා වත අධිකරණය මගින් නියෝගයක් නිකුත් විය.

එම වාර්තාව 05 වැනිදාට පෙර ලබාදෙන ලෙසටද අධිකරණය එම නියෝගය මගින් දක්වා තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.